Back to home
Breaking newsInternational

ඉරානයෙන් ප්‍රංශයට අනතුරු ඇඟවීමක්....

ඉරානයෙන් ප්‍රංශයට අනතුරු ඇඟවීමක්....

හෝමූස් සමුද්‍ර සන්ධියේ ගැටුම 'උත්සන්න වන' බවට ඉරානය ප්‍රංශය ඇතුළු රටවලට අනතුරු අඟවයි.


ගැටුම උත්සන්න වීමට සහ ව්‍යාප්ත වීමට හේතු විය හැකි ක්‍රියාමාර්ගවලින් වළකින ලෙස ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි  අද (15) දින මෙම රටවලට අනතුරු ඇඟවීමට ක්‍රියා කොට තිබේ.


ප්‍රංශය, එක්සත් රාජධානිය, චීනය, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් හෝමූස් සමුද්‍ර සන්ධියට යුද නැව් යවන ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා සිටීමෙන් පසුව, ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන්-නොයෙල් බැරට් සමඟ දුරකථන ඇමතුමක් ලබා දෙමින් අරග්චි මෙම අදහස් පළ කළේය. 

ඉරානයෙන් ප්‍රංශයට අනතුරු ඇඟවීමක්.... | Lanka Update