Back to home
Breaking newsInternational

"බැග්ඩෑඩ් ප්‍රහාරය අපිට එරෙහි එකක් නොවේ." ඉරාක අගමැති කියයි..

"බැග්ඩෑඩ් ප්‍රහාරය අපිට එරෙහි එකක් නොවේ." ඉරාක අගමැති කියයි..

ඉරාකයේ බැග්ඩෑඩ් හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කරගත් ප්‍රහාරයෙන් පසුව ඉරාක අගමැති මොහොමඩ් ෂියා අල්-සුඩානි ප්‍රථම වරට සිය ප්‍රතිචාර දක්වා තිබේ. 


ඔහුට අනුව, ඉරානය ඇමරිකානු තානාපති කාර්යාලයට පහර දුන්නත්,  එය ඉරාක භූමියේ පිහිටා තිබුණත් , ඉරාකයට පළිගැනීමට අයිතියක් නැති බව ෂියා අල්-සුඩානි පවසයි.


ජාත්‍යන්තර නීතිය යටතේ, තානාපති කාර්යාලයකට එල්ල කරන ප්‍රහාරයක්, එය නියෝජනය කරන රටට එල්ල කරන සෘජු ප්‍රහාරයක් ලෙස සැලකෙන බවත් පවසන ෂියා අල්-සුඩානි, ඇමරිකානු තානාපති කාර්යාලයට එරෙහි ඉරාන ප්‍රහාරය ඉරාක ජනතාවට නොව එක්සත් ජනපදයට එරෙහිව එල්ල කළ ප්‍රහාරයන් බව කියා සිටියි.

"බැග්ඩෑඩ් ප්‍රහාරය අපිට එරෙහි එකක් නොවේ." ඉරාක අගමැති කියයි.. | Lanka Update