Back to home
Alerte infoArt and Culture

"අඩෝ දීපචෙල්වන්........"

"අඩෝ දීපචෙල්වන්........"


යාපනයේ දීපචෙල්වන් නම් තරුණ කවියකු රචනා කොට ඉන්දියාවේ මුද්‍රණය කරන ලද කවි පොතක් ලංකාවට ගෙන්වා ගැනීමෙන් පසුව රේගුව රඳවා ගෙන ඇත්තේ ඒවා මුදා හැරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගත යුතු බව ප්‍රකාශ කරමිනි. සංස්කෘතික අමාත්‍යංශයේ ඇමති සමග ඒ පිළිබඳව සිදු  කරන ලද සාකච්ඡාවද අසාර්ථක වූ බවට වාර්තා වේ.


(ප්‍රවෘත්තියක්)


අඩෝ දීපචෙල්වන්


උඹ දැන ගනින් දීපචෙල්වන්

මං රණවිරු සෙනෙවි සුනිල් 

උඹට නැහැ සිංහබාහු ධාතු

චෙල්වන් කියන්නෙම හතුරෙක්


අපේ ඕඅයිසී ටිල්වින්

නැගිටපල්ලා නැගිටපල්ලා කියා

හඬ නගා මොර දුන්නාට

තොපි ඉන්නෝන අපි කියන විදියට


තොපේ වාරය  නොවෙයි මේ

අපේ වාරය ⁣ගෙවෙන්නේ දැන්

වැඩිය දඟලන්ට එපා චෙල්වන්

අපෙ අනුර අයියා හරි සැරයි 


ගාමිණි ලොකුගේ මැරිලා තමා

උගේ බෑණා ඉන්නවා අපි ගාව

අපට උපදෙස් දෙන්ට

ගිණි තියා ගන්නට ආසද 

යාපනේ පුස්තකාලය ආයෙත්


අඩෝ දීපචෙල්වන්

කවි පොත් කන්ටද වාහේ 

මම සඟිස්කුරුතික මිල්⁣ටෙරි ඇමති

ජාතකෙන්ම රණවිරු සෙනෙවියෙක්


⁣(ලොකු කුමා)