Back to home
Alerte infoArt and Culture

ටෙනිසන් පෙරේරාට සුබ රාත්‍රියක්....!

ටෙනිසන් පෙරේරාට සුබ රාත්‍රියක්....!

ලේඛක ටෙනිසන් පෙරේරා මෙරට කෘතහස්ත ලේඛකයෙකි.ඔහු විසින් රචනා කරන කෘතීන් සංඛ්‍යාව සියයට අධිකය.

ඒ අතරේ කෙටිකතා ,නවකතා හා පරිවර්තන වේ.


1967 වර්ෂයේදී ඔහු පල කරන ලද දැති රෝදයෙන් උපන් බුදුන් නමින් ප්‍රකාශයට පත්  කරන ලද කෙට් කතා සංග්‍රහය නිසා

ඔහුට හිරේ විලංගුවේ සිට්න්නට සිදු විය.මේ කෙටිකතා පොත ලංකාවේ පළමුවරට තහනම් වූ පොත ලෙස සැළකේ.


ඔහු ⁣ඒ කෙටි කතා සංග්‍රහයෙන් ඉස්මතු කර තිබුණේ බෞද්ද ශාසනයේ පරිහානිය වලක්වා ගැනීම⁣ට බුදු වරයෙකු පහල විය යුතු බවය.


සාහිත්‍ය කරුවෙක්  ආගමික මතවාදයක් නැවත පරිකල්පනයට ලක් කිරීමක් ලෙස සළකාමේ කෙටිකතා පොත දියුණු සමාජය කියවනු ඇතැයි ඔහුගේ විශ්වාසය විය.


එහෙත් බෞද්ධ සම්මේලනය ඇතුළු ප්‍රභූ භික්ෂූන් පිරිසක් විසින් මෙම කෙටි කතා පොත බෞද්ධ විරෝධී පොතක් ලෙස විරෝධතාව ප්‍රකාශ කරමින් ඔහුට එරෙහිව පොලීසියේ පැමිණිලි කරන ලදී.ඉන් අනතුරුව ද්වේෂ සහගතව බෞද්ධාගම විවේචනය කරන ලදැයි චෝදනා කරමින් රහස් පොලීසිය මගින් ඔහු අත් අඩංගුවට ගෙන ති⁣බේ.


රහස් පොලීසියේදී ඔහු ප්‍රශ්ණ කළ සහකාර⁣ පොලිස් අධිකාරීවරයා සාහිත්‍ය හා කලාව ගැන දැනුවත් නිළධාරියකු විය.


එහිදී එම සහකාර පොලිස් අධිකාරීවරයා 

ටෙනිසන් පෙරේරා ගෙන් ප්‍රශ්ණ කර ඇත්තේ ඔහු රචනා කරන කරන කෙටි කතා සංග්‍රහයේ අන්තර්ගතයේ දැක්වෙන

උසාව්යේ  නිරුවත ප්‍රදර්ශනය කිරීම,භික්ෂුවක තරුණියක දූෂණය කිරීම  වැනි සඳහන් කිරීම් තුළින් බෞද්ධයන් කැළඹෙනවා නේද යන්නය.


"කවුද කැළඹෙන්නේ කියන එක ගැන සිතීම ලේඛකයාගේ කාර්ය භාරය නොවේය"යන්න ටෙනිසන් පෙරේරාගේ පිළිතුර වී තිබේ.


ඔහුගෙන් කට උත්තරයක් ගැනීමට අමතරව නිවසේ හා පොත් සාප්පු වල අලෙවියට දමා තිබූ පොත් එකතු කර ගත් රහස් පොලීසිය නැවත එම පොත මුද්‍රණය නොකිරීමේ පොරොන්දුව මත ඔහු නිදහස් කර ඇත.


ඔහු විසින් රචනා කරන ලද නවකතා පොත් අතර දුට්ඨ ගාමිනී නොමළ වගයි,

සත්‍යවාදීන්ගේ මරණ මංචකය,අග්නි කල්පය,සක්වල දඩයම,මම චක්‍රවර්ති,මම වෙස් මාරුකරගෙන,රාජාභරන,ගින්නෙන්   නැගෙන දුම්,භවාන්තරය(ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ විය)අබිරහස් ජීවිත තරණය(ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ විය)සසර දිගන්තය,මහා රාවණ

(ෆෙයාර් වේ සම්මානය)එකොළෙස් ගිණි,

දණ්ඩ භූමි,සූරිය කන්ද පාමුල වේ.


සුබ රාත්‍රියක් වේවා මහා ගත්කරුවාණෙනි .......


(ලොකුලියන ලොකු ගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලද ලිපියකි.)