Back to home
Breaking newsPolitical

උසාවි නියෝගයකින් චාමර සම්පත් චීන සංචාරයට එක්වෙයි

උසාවි නියෝගයකින් චාමර සම්පත් චීන සංචාරයට එක්වෙයි


පාර්ලිමේන්තුව තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන්, මෑතකදී එක් දිනක පාර්ලිමේන්තු සභා ගර්භ තහනමකට ලක්වූ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, චාමර සම්පත් දසනායක, චීන සංචාරයටම එක්වීමට සමත්ව තිබේ.


මෙම අවස්ථාව ඔහුට උදාවී ඇත්තේ, ඔහු විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව, ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අධිකරණය පියවර ගැනීමත් සමඟ ය. 


ඒ අනුව, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්නයගේ ප්‍රධානත්වයෙන් යුත් මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පාර්ලිමේන්තු දූත පිරිස සමඟ එක්වීමට චාමර සම්පත්ට හැකිවිය.


ශ්‍රී ලාංකීය මන්ත්‍රීවරුන් වෙනුවෙන් චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අන්තර්ජාතික සහයෝගිතා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන මෙම පුහුණු වැඩසටහන,  ජූනි මස 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.


එහිදී චීනයේ පාලන තන්ත්‍රය, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම් නවීකරණය, තාක්ෂණික නවෝත්පාදනය, හරිත සංවර්ධනය සහ තිරසාර සංවර්ධන මුලපිරීම් පිළිබඳව ශ්‍රී ලංකා මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතය.

උසාවි නියෝගයකින් චාමර සම්පත් චීන සංචාරයට එක්වෙයි | Lanka Update