Breaking newsCourt
පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන්...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට එරෙහිව නැගෙනහිර පළාත් හිටපු මහඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර තිබේ.
මෙම නඩුවට අදාළ වාචික දේශනය අද (02) දින අවසන් වූ අතර, ඉන් අනතුරුව අධිකරණය නිවේදනය කළේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පසුවට කල් තබන බවය.
2026 අප්‍රේල් මාසයේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් පිල්ලෙයාන්ව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ, 2006 වසරේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාව අතුරුදහන් කිරීම සම්බන්ධ විමර්ශනයකට අදාළව ය.