පාස්කු ප්‍රහාරය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් කර ඇත්තේ හිටපු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට සුරේෂ් සලේ මහතාට කිසිදු පහරදීමක් හෝ අමානුෂික ලෙස සැලකීමක් පොලීසිය විසින් සිදුනොකළ බවයි.
එම ප්‍රකාශය පහත දැක්වේ.