විමලේ ගේ බිරිඳට සිර දඬුවම ස්ථිර වේ.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ගේ නිල බලය භාවිතා කරමින් හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හා සන්තකයේ තබා ගැනීමේ වරදට වසර දෙකක බරපතල වැඩ සහිතව සිර දඬුවම් ලබා සිටි ඔහුගේ බිරිඳ වන ශෂි වීරවංශ විසින් එම දඬුවමට එරෙහිව කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ අභියාචනය අද (11)ප්‍රතික්ෂේප කරනු ලැබීය.
එම අභියාචනය ප්‍රතික්ෂේප කිරීමත් සමගම 2022 මැයි 27 වන දින කෙළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් ශෂී වීරවංශට නියමවී තිබූ දඬුවම ක්‍රියාත්මක වේ. එහිදී ඇයට බරපතල වැඩ සහිතව අවුරුදු දෙකක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩ මුදලක්ද එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 06 ක සිර දඬුවමක්ද නියම කර තිබුණි.
මෙම සිර දඬුවමට එරෙහිව ඇයගේ නීතිඥයන් විසින් අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර එම අභියාචනය විභාග කර අවසන් වෙන තුරු ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. ඒ අනුව අධිකරණය විසින් ශෂි වීරවංශ ඇප මත මුදා හරින ලද අතර, කොළඹ මහාධිකරණය විසින් අද දින ප්‍රකාශයට පත් කරන ලද්දේ එම අභියාචනයේ තීන්දුවයි.
ඒ අනුව මීට පෙර මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් ඇයට නියම වී තිබුණු දඩුවම එලෙසම ක්‍රියාත්මක වනු ඇත.