Back to home
Breaking newsCourt

මහචාර්ය මහින්ද පතිරණ අධිකරණය⁣ට අපහාස කරලා

මහචාර්ය මහින්ද පතිරණ අධිකරණය⁣ට අපහාස කරලා

මහාචාර්ය වරයකු බව පැවසෙන මහින්ද පතිරණ හිරු රූපවාහිනියේ ප්‍රචාරය කරන ලද ප්‍රවෘත්තියක වූ සඳහනක් උපුටනයක් ලෙස අමුණා සිය ෆේස් බුක් ගිණුමෙහි සටහනක් ලියමින් දැනට අත් අඩංගුවේ පසුවන විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට පත් කරන ලද වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයන් විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බවට චෝදනා කර සිටී. 


මෙම වෛද්‍ය මණ්ඩලය මහේස්ත්‍රාත් පසන් අමරසේන ගේ නියෝග මත පත් කරන ලද වෛද්‍ය මණ්ඩලයකි. මෙහිදී මහචාර්ය මහින්ද පතිරණගේ චෝදනාව අධිකරණයට සිදු කර ඇති අපහාසයක් ලෙස සැළකිය හැකිය.


මහින්ද පතිරණ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සමීපතමයෙක් බව පැවසේ. එහෙත් මහින්ද පතිරණගේ ප්‍රකාශනයන් තුළින් අනාවරණය වෙන්නේ දේශපාලන පාක්ෂිකත්වයකට වඩා ඔහු රාජපක්ෂ වරුන් වන්දනා කරන බැතිමතෙක් බවය. 


රාජපක්ෂ වරුන්ට මෙරට දේශපාලන බලය අහිමි වීම සම්බන්ධයෙන් මහින්ද පතිරණ දැඩි මානසික ආතතියකින් පසුවේ. එහිදී මහින්ද පතිරණ සිය වෘත්තිකත්වය පවා නොසළකා රාජපක්ෂවරුන් වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ මොන්ටිසෝරි ළමා ප්‍රකාශනයන් සමාජ ගත කරමින් සිටින බව ඔහුගේ ෆේස් බුක් ගිණුමෙන් කියවිය හැකිය.


අධිකරණයට අපහාස කිරීම යනු අධිකරණයේ අධිකාරියට, ගෞරවයට සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට හානිවන හෝ බාධා වන ආකාරයෙන් කටයුතු කිරීමයි. එය අපරාධමය වරදක් වන අතර, අධිකරණයේ ස්වාධීනත්වය හා මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා මෙම නීතිය ක්‍රියාත්මක වේ. 


විනිසුරුවරුන්ට අපහාස කිරීම, අධිකරණ නියෝග නොසලකා හැරීම, නඩු විභාගයකට බාධා කිරීම සහ අසත්‍ය චෝදනා එල්ල කිරීම මීට අයත්  වැරදි වේ. වරදේ ස්වභාවය අනුව අධිකරණය විසින් නිශ්චිත දඩ මුදලක් හෝ සිරදඬුවමක් නියම කළ හැකිය.


මෙරට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බලපාන ප්‍රධානතම නීතිමය වගන්ති සහ ප්‍රතිපාදන 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 2024 අංක 08 දරන නව පනත, 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත තුළ අන්තර්ගත වේ. 


ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාවෙි දැක්වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට තමන් ඉදිරියේ හෝ වෙනත් ස්ථානයක සිදු කරන අධිකරණයට අපහාස කිරීමේ වැරදි සම්බන්ධයෙන් විභාග කර සිර දඬුවම් හෝ දඩ මුදල් හෝ ඒ දෙකම නියම කර දඬුවම් කිරීමේ බලය ඇති බවය.   


2024 අංක 08 දරන නව පනතේ 3 වන වගන්තියෙන් අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැළකෙන ක්‍රියා මොනවාදැයි පැහැදිලි කර ඇත. එහි 3(1)අ වගන්තියේ, අධිකරණයක විනිශ්චය සභාවක හෝ අධිකාරිත්වයට හෝ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අගරු කිරීම හෝ නොසළකා හැරීම පිළිබඳව සඳහන් කර ඇති අතර 3(1) ආ වගන්තියේ දැනට පවතින නඩු කටයුත්තකට බාධා කිරීම හෝ දැඩි අගතියක් සිදු කිරීම දැක්වේ. 


එහි 06 වන වගන්තියේ දැක්වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණය⁣ට තමන්ට සිදු කරන අපහාසයන්ට දඬුවම් කිරීමේ බලය ගැනය. මෙම පනතේ 18 වන වගන්තිය මහාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන දඬුවම් දැක්වෙන අතර 55 වන වගන්තියෙන්  දිසා අධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණ වලට අපහාස කිරීමේ දඬුවම් පිළිබඳව සඳහන්ය.


මහාචාර්ය මහින්ද පතිරණ අධිකරණයකට අපහාස කිරීමේ බරපතලකම නොදන්නා පුරවැසියෙක් නොවේ. එහෙත් ඔහුගේ දැන් සිහිය විකල් වී ඇතැයි අපට සිතේ. මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය සම්බන්ධ කර ඇත්තේ මෙි සිහි විකලය නිසා බව පැහැදිලිය.


බුදු සරණයි මහචාර්යතුමා හොදේ...