Breaking newsCourt
අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගෝඨාභයගෙන් පෙත්සමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ අද (16) දින දී ය.
ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, පොලිස්පති (IGP), CID අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ CID නිලධාරීන් කිහිප දෙනෙකුව ය.
මෙම පෙත්සමට පෙර, 2026 ජූනි 3 දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවනු ලැබීය.