අම්බලන්ගොඩ සමෘද්ධි මදාවියාගේ පෝරිසාද කෙරුවාව...

අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සමෘද්ධි නිළධාරිණියකට රාජකාරි වේලාව තුළ අසභ්‍ය වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කරන ලද සමෘද්ධි නිළධාරියකුට එරෙහිව එම නිළධාරිණිය විසින් සිදු කරන ලද පොලිස් පැමිණිල්ල යටපත් කරවීමට ප්‍රාදේශීය ලේකම්වරිය ක්‍රියා කර ඇතැයි වාර්තා වේ.
රජයේ මුදල් අවභාවිතා කිරීම හා රාජ්‍ය චක්‍රලේඛ උල්ලංඝනය කිරීමක් සම්බන්ධව අදාල සමෘද්ධි නිළධාරියාට විරුද්ධව එම සමෘද්ධි නිළධාරිණිය රාජකාරි කිරීමට යාමේදී මේ ආරවුල හට ගෙන තිබේ. අනතුරුව සමෘද්ධි නිළධාරිණිය විසින් ඇයගේ රාජකාරියට බාධා කිරීම හා අසභ්‍ය වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කිරීම සමිබන්ධයෙන් එම සමෘද්ධි නිළධාරියාට එරෙහිව අම්බලන්ගොඩ පොලීසියට පැමිණිලි කර ඇත.
මෙහිදී ප්‍රාදේශීය ලේකම්වරිය මැදිහත් වී පොලිස් ඡ්‍යෙෂ්ඨයකු අමතා මදාවිකාර සමෘද්ධි නිළධාරියා පොලීසියෙන් ආරක්ෂා කර දෙන ලෙසට ඉල්ලා ඇතැයි වාර්තා වේ. එම පොලිස් ඡ්‍යෙෂ්ඨයාගේ උපදෙස් මත පොලීසියද වින්දිත සමෘද්ධි නිළධාරිණියට අසාධාරණයක් වන ආකාරයට පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියා කරමින් සිටින බවට දැන ගැනීමට තිබේ.
පැමිණිලිකාර පාර්ශවය විසින් සිදු කළ රාජකාරියට බාධා කිරීම හා අසභ්‍ය වචනයෙන් බැණ වැදී බියවද්දා පහරදීමට තැත් කිරීමේ චෝදනාව නොසළකා හරිමින් පොලීසිය මේ වන විට වග උත්තරකාර සමෘද්ධි නිළධාරියාට සහනයක් අත් වන ආකාරයට කටයුතු කරමින් සිටී.
අඩුම තරමේ කාන්තාවකට ප්‍රසිද්ධියේ අසභ්‍ය වචනයෙන් බැණ වැදී පහර දීමට තැත් කර බිය වැද්දීම පිළිබඳව හෝ අම්බලන්ගොඩ පොලීසිය අවධානය යොමු කර නැත. මේ චෝදනාවන් සමථකරණයකට ලක් කිරීමට නොහැකි චෝදනා වුවද අම්බලන්ගොඩ පොලීසිය පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කර තිබේ.
කෙසේ වෙතත් මේ චුදිත සමෘද්ධි නිළධාරියා ප්‍රාදේශීය ලේකම්වරියගේ 'ඔඩොක්කු කුක්කෙකු" බව අනාවරණය වේ.
මේ පෝරිසාද සමෘද්ධි නිළධාරියා පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල් ගේ හෙංචයියෙකි. මොහු රාජ්‍ය සේවයට බඳවා ගැනීමට තරමේ අධ්‍යාපන සුදුසුකම් ඇති අයකු නොවන අතර ඔහුට පත්වීම ලබා දී ඇත්තේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා බවද පැවසේ.
රාජ්‍ය සේවයේ සිටියදී රජයේ කොන්ත්‍රාත් කිරීම තහනම් කාර්යයක් වන නමුත්, මේ සමෘද්ධි නිළධාරියා එවැනි දූෂිත කාර්යයන් වල නිරතව එම කොන්ත්‍රාත් සඳහා වැය කරන මුදල් ලබා ගැනීමට යාමේදී සමෘද්ධි නිළධාරිණිය ඒ අනීතික මුදල් ගණුදෙනු පිළිබඳව ප්‍රශ්ණ කර තිබේ. මොහු සමෘද්ධි නිළධාරිණියට අසභ්‍ය වචනයෙන් බැණ වැදී පහර දීමට උත්සාහ කර ඇත්තේ ඒ අවස්ථාවේදීය.
හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල් ගේ කාලයේ සිට වර්ථමානය දක්වා අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සමෘද්ධි ව්‍යාපෘති කොන්ත්‍රාතු ලබා ගැනීම සිදු කරමින් සිටින්නේ මේ දූෂිත සමෘද්ධි නිළධාරීන් විසින් ගම්වල අටවාගන්නා ලද ව්‍යාජ සංවිධාන හරහා ය.
සිය කාර්යාලයේ නිළධාරිණියකට සිදු වූ බරපතල අපරාධමය වරද සම්බන්ධයෙන් අම්බලන්ගොඩ ප්‍රදේශීය ලේකම්වරිය තඹ දොයිතුවකට අවධානය නොදක්වා පෝරිසාදයෙකු ආරක්ෂා කිරීමට යාමත් පොලීසියේ සෙවල රාජකාරිය පිළිබඳවත් ප්‍රදේශවාසීන් අප්‍රසාදය හා පිළිකුළ ප්‍රකාශ කර සිටී.
මේ සම්බන්ධයෙන් ගාල්ල ප්‍රධාන දිසා ලේකම්වරයාගේ හා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අවධානය යොමු කරනු ඇතැයි lankaupdate.com අපි දැඩි විශ්වාසයෙන් යුතුව සිටිමු.