Breaking newsCourt
සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අද දින (18) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය දරන සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරමින් සිටියදී, සුගීෂ්වර බණ්ඩාර රජයේ වැටුප් දෙකක් වෙන වෙනම ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.
ජනාධිපති පෞද්ගලික ලේකම් වැටුපට අමතරව, සුගීෂ්වර බණ්ඩාර ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස දෙවන වැටුපක් ද ලබාගෙන තිබේ.
සුගීෂ්වර බණ්ඩාර නව ජනතා පෙරමුණ නමැති සංවිධානයේ නායකයා බව ද පැවසේ.