Back to home
Breaking newsDefense

යෝෂිත ගේ "හමුදා විගඩම" ගැන අපූරු අනාවරණයක්

යෝෂිත ගේ  "හමුදා විගඩම" ගැන අපූරු අනාවරණයක්

යුද්ධය පැවැති අවධියේ යෝෂිත රාජපක්ෂ  නාවුක නිළධාරියකු ලෙස නාවුක හමුදාවට බැඳී ඇත්තේ මෙරට තරුණ තරුණියන් හමුදා සේවය සඳහා ආකර්ශණය හා පෙළඹවීම සඳහා බව රාජපක්ෂ පාර්ශවයේ තර්කයයි. 


යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට පත් වීම පිළිබඳව ඔවුන්ගේ සිත් රිදී තිබේ. ඔහු අත්අඩංගුවට පත් වන්නේ රජයේ පොදු දේපොල අවභාවිතා කිරීමේ චෝදනාවට ය. යෝෂිත රාජපක්ෂ නාවුක නිළධාරියකු ලෙස එක්වීම හා ඔහුගේ  නාවුක පුහුණුවීම් පිළිබඳව අපූරු කතන්දර ගොන්නක් තිබේ. 


යෝෂිත රාජපක්ෂ හැදෑරූ නාවුක නිළධාරී පාඨමාලාවේ දක්ෂම ආධුනික නිළධාරියා වූයේ වෙනත් තරුණයෙකි. එහෙත් රාජපක්ෂවරුන් ගේ බල අධිකාරිය විසින් ඒ තරුණ ආධුනික නාවුක නිළධාරියාගේ දක්ෂතාව යටපත් කර දැමිනි. සිය නෝක්කාඩුවේ පීඩනය,  කළකිරීමෙන් හෝ  වේදනාවෙන් හෝ පිට කිරීමට ඒ තරුණ ආධුනික නිළධාරියාට ඉඩක් නොවීය. 


ඔහු එසේ ප්‍රතිචාර දැක්⁣වූයේ නම් 

ඔහුට ගන්සයිඩ් වදකාගාරයේ ඉඩ වෙන් වන්නට තරමේ වටපිටාවක් නිර්මාණය වන්නට පවා ඉඩ හැකියාව තිබිණි.

එවකට නාවුක හමුදාපතිවරයා පවා ආධුනික පුහුණුවේ නිරතව සිටි යෝෂිත රාජපක්ෂගේ "බට්ලර්" ලෙසට රූපාන්තරණය වෙමින් සිටියේය. එවකට නාවුක හමුදාපතිවරයා වූයේ වයිස් අද්මිරාල් කරන්නාගොඩ ය. 


වර්තමානයේ මහා නාවුක රණාකාමියෙකු ලෙස පෙනී සිටින කරන්නාගොඩ ගේ එදවස කෙරුවාව එහෙමය. විලි ලැජ්ජා නැති කම මහමුදලි කම⁣ටත් වඩා ලොකු බව සිහිපත් වන්නේ ඔහුගේ ඒ අජූත  කෙරුවාව හා ගලපන විට දී ය.


ඔහු නාවුක හමුදාපති නිල ඇඳුමට යටින් බ්‍රෙසියරයක් හා පෑන්ටියක් ඇඳ සිටියා දැයි සිතෙන තරමටම රාජපක්ෂවරුන් අභිමුඛයේ නෝන්ජලයකු විය. නාවුක හමුදාවේ ඓතිහාසික අභිමානය මේ උන්දෑ කිසිම හිරිකිතයක් නැතුව පාවා දුන්නේය. ඒ දෙකයි පනහේ කෙරුවාවන්⁣ට එරෙහිව කිසිවෙකුත් කටක් ඇරියේද නැත.


මාධ්‍යවේදී ලසන්ත ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ ගේ අතුරුදන් වීම, පෝද්දල ජයන්තගේ අත පය කැඩීම ආදී මෙලේච්ඡ ක්‍රියාකාරකම් මුළු මිනිස් සමාජයම බිය වද්දා තිබුණි. ඒ අමානුෂික මැදිහත්වීමි වල කර්තෘත්වය රාජපක්ෂවරුන් සතු බවද සමාජය දැනුවත්ව සිටියේය. එය එසේ වන්නේ නම් නාවුක හමුදාපතිගේ විලි ලැජ්ජා නැති කම ගැන නාවුක හමුදාව තුළින් කිසිම විරෝධයක් එල්ල නොවීම ගැනද පුදුම විය යුතු නැත.


යුද්දය රාජපක්ෂවරුන්ට ජාවාරමක් පමණක් විය. ඒ අතරේ සිය දේශපාලන ආධිපත්‍යය පරම්පරාගත සින්නක්කර අයිතියක් බවට පත් කර ගැනීමේ සැළසුමක්ද ඔවුන් ගේ අපේක්ෂාවන් අතර තිබුණි. එහිදී නාමල් රාජපක්ෂ මෙරට ජනපතිවරයා ලෙස කිරුළු පළඳින දිනය වන විට මෙරට නාවුක හමුදාපති ධුරට යෝෂිත රාජපක්ෂ පත් වී සිටීම රාජපක්ෂ වරුන්ගේ එකම සිහිනය විය. යෝෂිත රාජපක්ෂ නාවුක නිළධාරියකු ලෙස වෙස් ගන්වන්නේ ඒ සිහිනයේ මුල් ගල ලෙසය.


පසුගියදා යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට පත් වීමත් සමගම රාජපක්ෂ වරුන් ගේ පාර්ශවයෙන් සමාජයට කාන්දු කරවීමට උත්සාහ දරණ "යෝෂිතගේ කැපවීමේ" සැබෑ හෙළුව අනාවරණය කෙරෙන අපූරු සටහනක් සමාජ මාධ්‍ය තුළ ලියවී තිබුණි. එය පල කර තිබුණේ යුද හමුදා සේවයේ නිරතව සිටි "චරිත් ජනප්‍රියගේ" ෆේස් බුක් පිටුවේය. 


මේ ඒ ලියවිල්ල උපුටනයකි. එහි කර්තෘ ශ්‍රී ලංකා නාවුක හමුදාවේ විශේෂ සංග්‍රාමික යාත්‍රා බලඝනයේ සේවය කළ නුවන් මුණසිංහ නම් හිටපු නාවුක නිළධාරියෙකි.


"....යෝශිත navy  trinco කෑම්ප් එකේ කෝස් කරන කාලේ මම trinco 4th fast attack craft වලට අනුයුක්ත P-436 ඩෝරා එකේ තමයි වැඩ කලේ..   ඌ කරපු කෝස් එක ගැන  හොදටම දන්නේ අපි තමයි,, ඌට ඕනේ දවසට විතරයි ඌ කොලඹ ඉදලා චොපර් එකේ trinco  කෝස් එකට ආවේ.. මූට trinco වල වතුර හොද නෑ කියලා,,  කොලඹ ඉදලා වෙනම  බවුසර් එකක වතුර අරගෙන එනවා උගේ අවශ්‍යතා වලට විතරක්.. "


" උදේට ව්‍යායාම කරන්න දුවද්දී camp එකේ Commanding Officer මුගේ phone එකත් අරගෙන උගේ පස්සෙන් දුවනවා. ඌ කරපු කෝස් එකක් නෑ. අපි ඇස් දෙකෙන් දැකපු දේවල් තමයි මේවා. යුද්ධෙ අවසාන සති දෙකේ වගේ, දරුණුවටම සටන් ඇවිලුනු දවස් වල ,, අපි  නින්දක් නැතිව හරියට කෑමක් බීමක් නැතිව මුලතිව් නයාරු මුහුදේ යුද්ධ කරනවා.. ඩෝරා එක trinco haber එකට එන්නේ තෙල් ගහගන්න විතරයි. ඒ ඇවිත් පැය දෙකක විතර රෙස්ට් එකක් අරගෙන ආයේ මුහුදට යනවා. අපි භාගෙට මැරිලා හිටියේ ඒ දවස් වල.. දවසක් එහෙම ඩෝරා එකට තෙල් ගහගන්න හාබර් එකට ආව වෙලාවේ, එවකට නාවික හමුදාපති වයිස් අද්මිරල් කරණ්නාගොඩ සර් ඇවිත් හිටියා හාබර් එකට, තව ජාතික රූපවාහිනියේ මාද්‍ය අංශයෙනුත් ඇවිත් හිටියා.. කරණ්නාගොඩ සර් කිව්වා, දැන් ජනාධිපති තුමාගේ පුතා යෝශිත එනවා,, ඩෝරා දහයක් විතර හාබර් මවුත් එකෙන් එලියට යන්න ලෑස්ති වෙන්න,, පොඩි vedio එකක් කරන්න ඕනේ යෝශිත මුහුදට ගිහින් යුද්ධෙ මෙහෙයවනවා වගේ, මේ ඉහලින් ආපු නියෝගයක්, මම උඹලා ඔක්කොම පවු, මොනවා කරන්නද, මහන්සිය ගණන් නොගෙන යන්න ok වෙන්න කියලා.. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ මේ යකා ආවා,, ඇවිත් ගොඩ උනේ මගේ ඩෝරා එකටමයි.."


" හාබර් මවුත් එකෙන් එලියට අපි ඩෝරා දහයක් විතර ගිහින් විනාඩි 15ක් විතර මූ යුද්ධෙ මෙහෙයනවා වගේ vedio එකක් කලා... ඒ කරලා හාබර් එකට ආවා... එවකට lcdr වල්ගම්පාය, lcdr අන්නතුගොඩ, lcdr දසනායක, lcdr හේමන්ත, lcdr පෙරේරා, ශාක්ෂි මේවට.. මූ නිසා Navy එකේ මෝරාල් එක වැඩි උනා නෙමෙයි officer ඔක්කොටොම වගේ එපා වෙලා හිටියේ ඒ දවස් වල.."


(උපුටනය අවසන් ය. )


යෝෂිතගේ නාවුක හමුදා විගඩම ගැන

තව හෑලි ලියන්නට අවශ්‍යව නැත. මේ කෙටි ලියවිල්ල ඒ සඳහා හොඳටම ඇතිය. එම සිද්ධියේදී නාවුක හමුදාපති කරණ්නාගොඩ සිල්ලරට බාල්දු වෙන සිය හෘද සාක්ෂි⁣ය මෙසේ අනාවර⁣ණය කරයි.


"මේ ඉහළින් ආපු නියෝගයක්. මම, උඹලා ඔක්කොම පවු. මොනවා කරන්නද"


රාජපක්ෂවරුන් වර්තමානයේ විඳවන්නේ පුරවැසියන් රිදවූ ඒ පව්වල බෝනස්ය.      


දක්ෂිණ ලියනාරච්චි ✍️