Back to home
Breaking newsPolitical

යහපාලනයෙන් ලිස්සා ගිය ගෝඨාභය මේ පාලනයෙනුත් ලිස්සා යයි ද?

යහපාලනයෙන් ලිස්සා ගිය ගෝඨාභය මේ පාලනයෙනුත් ලිස්සා යයි ද?

යහපාලනයෙන් ලිස්සා ගිය ගෝඨාභය මේ පාලනයෙනුත් ලිස්සා යයි ද?

---------------------------------------

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊළගට අත් අඩංගුවට ගන්නා සැකකරුවා මිල්ටෙරි නන්දසේන ගෝඨාභය බව මෙරට සමාජය විශ්වාස කර ගෙන සිටී. ඔහු⁣ මේ වන විටත් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙසට ඉල්ලා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ. 


මේ 2015 මාර්තු 15 දින දිනමිණ පුවත්පතේ පල කරන ලද ප්‍රවෘත්තියක් අප මෙම ලිපියේ අවසානයට එක්කර ඇත්තෙමු. අප එසේ කළේ අතීතය සිහිපත් කිරීමටය. එම ප්‍රවෘත්තියෙහි දැක්වෙන්නේ යහපාලනය ආණ්ඩුවේ කොටස්කරුවන් අතර පැවැති සාකච්ඡාවක් පිළිබඳව වූ ⁣තොරතුරුය. 


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කර ඇති ආණ්ඩුව මිල්ටෙරි නන්දසේන ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවතින අනෙකුත් අපරාධ චෝදනා පිළිබඳව අවධානය යටපත් කර ඇතැයි සිතේ. දිනමිණ පුවත්පතේ පළ කර තිබූ මේ ප්‍රවෘත්තිය අප නැවත හුවා දක්වනු ලබන්නේ ඒ පිළිබඳව සිතා බැලීමටය. 


මිල්ටෙරි නන්දසේනට එරෙහිව ⁣තිබෙන අපරාධ චෝදනා බොහෝය. දිණමිණ ප්‍රවෘත්තියේ දැක්වෙන්නේ ඉන් එකක් පමණය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත ඝාතනය, සිවරාම් ඝාතනය, පෝද්දල ජයන්තට පැහැරගෙන ගොස් කුරිරු වද හිංසාවට බඳුන් කිරීම ආදී අපරාධ පිළිබඳව නිහඬව සිටීම අපට බරපතල සැකයකි. 


ඒ මන්ද යත් මේ සෑම අපරාධයකම "කිරි අප්පුච්චා" මිල්ටෙරි නන්දසේන ගෝඨාභය බව අප දන්නා බැවිනි. වර්තමානයේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.එල්.ආර්.රණවීර තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ චෝදනා එල්ල වූ අයෙකි. ඔහුගේ පොලිස් සේවා ඉතිහාසයම කැතය, අවලස්සනය, අශීලාචාරය. ඔහු රාජපක්ෂවරුන් විසින් සිදු කරන ලද බොහෝ අපරාධ වසන් කළ අපරාධ සහායකයෙකි. 


මෙවැනි අපරාධකාරයෙකු මහජන ආරක්ෂාව පිළිබඳව උපදේශකයකු ලෙස පත් කර ගැනීමට ආණ්ඩුවේ කෙරුම්කාරයන්ට ලැජ්ජාවක් හිරිකිතයක් නොදැනුනේ මක් නිසාද යන්න ගැන පැහැදිලි නැත. ඒ ගැන එදා සිටම මාධ්‍ය ප්‍රශ්ණ කෙරුවද, ආණ්ඩුව සිටින්නේ තිත්ත කසාය බිව් ගොළුවන් විදියටය. 


මේ නිහඬියාවට අනේ අනිච්චං කියා නිකටට අත තියා හූල්ල හූල්ලා නිකම් සිටින්නට අප සූදානම්ද නැත. අප ජාජබය බලයට පත් කරවීම සඳහා මතවාදීව කැප වූ අය වේ. එසේම අප එසේ කැප වූයේ ජාජබය බලයට පත් වීමෙන් පසුව කහට උගුරක් හෝ අපේක්ෂාවෙන් නොවේ.


ම්ලේච්ඡ රාජපක්ෂ වරුන්ගේ ආධිපත්‍යය තුළ ජරාජීර්ණ වූ පුරවැසි සමාජය  ඉන් මුදවා ගැනීමට අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමානුවන්ට ශක්තියක් පවතී යැයි අපි විශ්වාස කෙරුවෙමු. ඒ නිසාම මේ ආණ්ඩුවේ වැරදි විවේචනය කිරීමට ශුද්ධ වූ අයිතියක්ද අපට ඇත යන විශ්වාසය අප තුළ පවතී.



දක්ෂිණ ලියනාරච්චි ✍️ 




පහත දැක්වෙන්නේ දිනමිණ පුවත්පත 

2015 මාර්තු 15 දින පළ කළ ප්‍රවෘත්තියයි.

----------------------------------------

"ගෝඨා අත් අඩංගුවට ගෙන පරීක්ෂණ කඩිනම් කරන්න."


ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දු කරයි


ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණවලට අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා වහාම අත්අඩංගුවට ගෙන පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දු කළ බව සෞඛ්‍ය ඇමැති හා කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසුවේය.


සිව් දින නිල සංචාරය නිමාවා ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි වහාම මේ පිළිබඳ තීන්දුවක් ගැනීමට ද මෙහිදී යෝජනා වූ බව ඇමැතිවරයා කීවේය.


ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික විධායක සභාවේ දී අවධාරණය කළේය. 


ඊයේ (11) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති ජාතික විධායක සභාවේ දී මෙම තීන්දුවලට එළඹි බවද ඇමැතිවරයා කීය.


ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියකට රටින් පිටවීමට අවකාශය ලබාදීමත්, ඇවන්ගාඩ් සිද්ධිය වසන් කිරීම සඳහා මුදල් ලබාදීම, ලේකම්වරයාගේ අස්සනින් අවි ආයුධ නිකුත් කිරීම ආදී චෝදනා ඔහුට එරෙහිව ඇති බව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද ඇමැතිවරයා පැවසීය.



ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධව රාජ්‍ය නිලධාරීන්ට මුදල් ලබාදී බලපෑම් ඇති කර ඇති බවට ද තහවුරු වී ඇති බවද ආදී කරුණු රැසක් අනුර කුමාර දිසානායක මහතා මතු කළ බව කීවේය.


ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවෙකු වන වෙළේ සුදාට රුපියල් මිලියන හාරසිය පනහක් ලබා දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට චෝදනා එල්ලවී තිබියදී ඔහුව අත්අඩංගුවට නොගන්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ මෙහිදී ප්‍රශ්න කළ බවද ඒ සඳහා කඩිනම් පියවරක් ගත යුතු බවට එහිදී තීන්දු කළ බවද ඇමැතිවරයා කීය.


ව්‍යවස්ථා සංශෝධනය විධායක බලතල අහෝසි කිරීමට වඩා වැදගත් බව රතන හිමියෝ දීර්ඝ ලෙස විග්‍රහයක යෙදුනු බවත් ඇමැතිවරයා කීය. සමානුපාත ඡන්ද ක්‍රමයෙන් වාසි වන්නේ රටට සහ ජනතාවට බවත් දැනට පවතින මනාප ක්‍රමය අනුව ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් ගහ මරා ගන්නා තත්ත්වයක් උද්ගතව ඇති බවත් අවසානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මුදලාලිලා යැයිද රතන හිමියෝ පෙන්වා දී තිබේ.


මෙම සාකච්ජාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකිව යුතු අයෙකු සහභාගි නොවූ බව පැවසූ රතන හිමියෝ පසුගිය රජය කළ ආකාරයට සෑම අවුරුද්දකම පළාත් සභා ඡන්ද වරින් වර නොපවත්වා සියලුම පළාත්වල මැතිවරණ එකම දිනයක පැවැත්විය යුතු බව සහ ජනාධිපතිවරණය මුලින් පවත්වා එම බලය තුළින් මහ මැතිවරණය පැවැත්වීම වෙනුවට ඡන්ද දෙකම එකවර පැවැත්වීම සම්බන්ධයෙන් කලින් ඉදිරිපත් වී තිබූ යෝජනා සම්බන්ධයෙන් සාකච්ජා වූ බවද පැවසීය.


දූෂිතයන්ට දඬුවම් දීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමු‍ණේ නායක අනුර කුමාර දිසානායක මහතා දීර්ඝ ලෙස කරුණු දැක්වූ අතර එහිදි ඇවන්ගාඩ් සිද්ධිය ගැන ද සාකච්ජා වූ බවද රතන හිමියෝ වැඩිදුරටත් කීහ.


දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන වඩාත් යෝග්‍ය යැයි අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 


දිනේෂ් මහතාගේ යෝජනාවට වඩා තවත් යෝජනා ලැබී ඇති බව කී රාජිත සේනාරත්න මහතා ජේ.ආර්ගේ මැතිවරණ ක්‍රමයෙන් රට භාරගන්නේ මුදලාලිලා යැයි ජවිපේ සටන් පාඨ කීවේ මන්දැයි යන්න ප්‍රශ්න කළේය.

සමානුපාත ක්‍රමය සම්බන්ධයෙන් තමා මහින්ද රාජපක්ෂ මහතා සමග අරගලයක නිරත වූ බවත් එහෙත් අවසානයේ ගැසට් පත්‍රයේ සඳහන් වූයේ අකර්මන්‍ය වූ ව්‍යවස්ථාවක් බව සේනාරත්න මහතා මෙහිදී පවසා තිබේ.


දූෂණ වංචා අක්‍රමිකතා අපරාධ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැතැයිද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අත්‍යාවශ්‍ය දැයි අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්නයක් මතු කළේය.


දූෂණ වංචා සම්බන්ධ නීතිපති දෙපාර්තමේන්තුව පැවැත්වෙන පරීක්ෂණ කටයුතු සඳහා අත්අඩංගුවට ගැනීමට සාක්ෂි මදි බවට ප්‍රකාශ කර තිබෙන බවත් පසුව දූෂණ ක්‍රියාමාර්ග සිදුවුවත් මෙහි අපරාධයක් සිදුව නැති බැවින් අත්අඩංගුවට ගැනීමට නොහැකි බව සඳහන් කරන බවත් ‍එහෙයින් නීතිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ පිළිබඳ අවධියෙන් සිටිය යුතු බවද මෙහිදී සාකච්ඡා වී ඇත.

යහපාලනයෙන් ලිස්සා ගිය ගෝඨාභය මේ පාලනයෙනුත් ලිස්සා යයි ද? | Lanka Update