
Breaking newsInternational
යුරෝපයේ උෂ්ණත්වයෙන් වැඩිම හානිය ප්‍රංශයට

2026 ජූනි මාසය වන විට යුරෝපය පුරා ඇතිවූ දැඩි උෂ්ණත්ව තරංගය (heatwave) හේතුවෙන් ප්‍රංශය France වැඩිම බලපෑමට ලක්වූ රට බවට පත් වී තිබේ.
ඒ සඳහා හේතු කිහිපයක් බලපා ඇත.
ප්‍රංශයේ ප්‍රදේශ බොහොමයක් 40°C–44°C අතර උෂ්ණත්ව වාර්තා කර ඇති අතර රටේ ජනගහනයෙන් 90%කට වැඩි පිරිසක් උණුසුම් අනතුරු ඇඟවීම් යටතේ සිටී.
මේ වන විට පාසල් වසා දැමීම්, දුම්රිය සේවා බාධා, හදිසි වෛද්‍ය සේවා ඉල්ලීම් ඉහළ යාම වැනි ගැටලු ඇතිවී තිබේ.
උණුසුමෙන් මිදීමට උත්සාහ කළ පුද්ගලයන් අතර, දිය නෑමට ගොස් සිදු වූ මරණ ගණනක්ද වාර්තා වී ඇත.
දකුණු ප්‍රංශයේ මෝටර් රථයක සිටි කුඩා දරුවන් දෙදෙනෙකු දැඩි උෂ්ණත්වය හේතුවෙන් මරණයට පත්විය. එසේම
Bordeaux ප්‍රදේශයේ වයෝවෘද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු ද දැඩි උෂ්ණත්වය දරාගත නොහැකිව මරණයට පත් වුණි. සමහර ප්‍රාදේශීය වාර්තාවලට අනුව අවම වශයෙන් 18 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ.
එසේම ජූනි 18 සිට ජූනි 23 දක්වා කාලය තුළ උණුසුමෙන් මිදීමට ජලයට ගොස් දියේ ගිලී මියගිය ගණන 40 ක් බවට වාර්තා වී ඇත. දෙනෙකු දියේ ගිලී මියගොස් ඇත. මෙම මරණවලින් බොහොමයක් තරුණ වයස් කාණ්ඩයට අයත් බව ප්‍රංශ අගමැතිවරයා සඳහන් කරයි.
කෙසේ වෙතත්, දැනට වාර්තා වන 18–40 අතර සංඛ්‍යාවට වඩා සැලකිය යුතු ලෙස මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ප්‍රංශයේ සෞඛ්‍ය විශේෂඥයන් අපේක්ෂා කරති.
මේ අතර ස්පාඤ්ඤය සහ පෘතුගාලය ද ඉතා ඉහළ උෂ්ණත්වයක් (42–45°C දක්වා) අත්විඳිමින් සිටින අතර, උෂ්ණත්ව අගයන් අනුව Iberian Peninsula ප්‍රදේශය උණුසුම්ම කලාපය වී ඇත.
මේ අනුව ගත් විට උෂ්ණත්වය වැඩිම මට්ටමට ගිය රටවල් ලෙස ස්පාඤ්ඤය සහ පෘතුගාලය දැක්විය හැකි අතර, මානව, සමාජ හා යටිතල පහසුකම් බලපෑම් වැඩිම ලෙස වාර්තා වූ රට ප්‍රංශය බවට පත් වී ඇත.
