මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිSocial

අටමස්ථානාධිපතිව ගලවා ගැනීමේ සැළසුමක්....

ලියුවේ Admin
අටමස්ථානාධිපතිව ගලවා ගැනීමේ සැළසුමක්....

අනුරාධපුරය අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හිමියන් බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වූ අපරාධමය වරදකට පොලිස් අත් අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.


නිට්ටුඹව ප්‍රදේශයේ ලැගුම්හලකදී තරුණයකු සමග සිටියදී මේ බාල වයස්කාර දැරිය අත් අඩංගුවට පත් වී තිබුණි. එහිදී පොලීසියට අනාවරණය වී ඇත්තේ මේ දැරිය මුලින්ම අපයෝජනය කරන ලද්දේ අටමස්ථානාධිපති  පල්ලේගම හේමරතන නායක හිමියන් බවය.


දැරියගේ ⁣මව සහ පියා රුවන්වැලි සෑය ආසන්නයේ මල් විකුනන අයවළුන් බවත්, ඔවුන් දෙදෙනා අ⁣ටමස්ථානාධිපති නායක හිමියන් ගෙන් ණය මුදලක් ගෙන තිබී එය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා සිය දියණිය ඒ හිමි නමගේ  ආශාවන් තෘප්තිමත් කිරීම සඳහා බාර දී ඇතැයි මෙතෙක් සිදු කරන ලද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.


අපහරණයට ලක් කරන ලද දැරිය සමග පොලීසිය ගොස් ස්ථානීය පරීක්ෂණයක් පවා සිදු කර ඇති අතර, අනුරාධපුරය තුන් රෝද රථ හිමියන් කිහිප දෙනෙකුගෙන්ද මෙම අපරාධය සම්බන්ධයෙන් කට උත්තර ලබා ගෙන ඇති බව පැවසේ. තමන් දූෂණය කිරීම නිසා ආ රුධිරය තැවරුන රෙදි වලලා දැමූ බවද එම දැරිය පවසා තිබේ.


මෙම සිද්ධිය යටපත් කිරීම සඳහා සමාජයේ ඉහල තැන් වලින් පොලීසියට බලපෑම් කරමින් සිටින බවද මේ වන විට ඇතැම් මාධ්‍ය මගින් චෝදනා කෙරේ.

සැකකාර නායක හිමියන් මෙතෙක් අත් අඩංගුවට ගෙන නැතත් එම අපරාධමය වරද සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර ඇති බව අනාවරණය වේ.


මේ අතර දැරිය මානසික රෝග⁣යකින් පෙළෙන බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කොට අටමස්ථානාධිපති නායක හිමි නම චෝදනා වලින් ගලවා ගැනීමේ සැළසුමක් පිළිබඳවද තොරතුරු ⁣වාර්තා වී ඇත. 


පසුගියදා නීති විරෝධීව දඩ මස් තබා ගැනීම සම්බන්ධයෙන් වූ චෝදනාවකට අත් අඩංගුවට ගන්නා ලද ශ්‍රී මහා බෝධියේ ප්‍රධාන කපුවා පොලීසියට කට උත්තර ලබා දී තිබු⁣ණේ එම දඩ මස් තමන් සන්තකයේ තබා ගෙන සිටින ලද්දේ අටමස්ථානාධිපති නායක හිමියන්ගේ දානයට  බවය.

හංසිකා වික්‍රමසිංහ✍️

ප්‍රවර්ගය :Social

සියලු ප්‍රවෘත්තිSocial

ඇති යන්තම් වැඩේ ලේසි නැති බව තේරුම් ගත්තා..
නවතම ප්‍රවෘත්තිSocial

ඇති යන්තම් වැඩේ ලේසි නැති බව තේරුම් ගත්තා..

මාධ්‍යවේදීන් , ජනමාධ්‍ය සංවිධාන සහ සිවිල් සමාජය විසින් නැගූ හඬ සහ එල්ල කළ නීතිමය හා තර්කානුකූලබලපෑම හේතුවෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට එල්ල වීමට ගිය බරපතලතර්ජනය වළක්වා ගැනීමට…

රාජ්‍ය යාන්ත්‍රණයේ ඇණ මුරුච්චි තද කරන්නට ජනපතිවරයාම අවශ්‍යද?
නවතම ප්‍රවෘත්තිSocial

රාජ්‍ය යාන්ත්‍රණයේ ඇණ මුරුච්චි තද කරන්නට ජනපතිවරයාම අවශ්‍යද?

ජනපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සමාජ සේවා අංශය වෙතින් ඉදිරිපත් කරන ලද යෝජනාවකින් පැවසු⁣නේ දෘශ්‍යාබාධිත ළමුන් වෙනුවෙන් වැසිකිලි පද්ධත…

බලපිටියේ ජොරා මරණ කිරි පෝය මඟුල..
නවතම ප්‍රවෘත්තිSocial

බලපිටියේ ජොරා මරණ කිරි පෝය මඟුල..

ඇසල පෝයට පෙර දිනයේ බලපිටිය පැත්තේ පදිංචි කරුවකු විසින් අපි හෙට ජොරා මරණවා යැයි යම් සමීපතමයෙකුට පැවසුවහොත්, ඔහු එහි අදහස නොදන්නා කෙනෙකු නම් අතිශය බියට පත් වන බව නම් නිසැකය. ඇසල පෝය දිනය දකුණු මුහුදු තී…

පත්තරකාරයො මෙහෙමයි....
නවතම ප්‍රවෘත්තිSocial

පත්තරකාරයො මෙහෙමයි....

ජනතාව කුලප්පු කිරීමට හෙවත් පෙළඹවීමට පුවත්පත් කලාව යොදා ගැනීම පිළිබඳව පුවත්පත් ඉතිහාසයේ එක්හාස්‍ය ජනක කතාවක් අසන්නට ලැබේ. ජෝෂප් පුලිට්සර් යනු ඇමරිකානු පුවත්පත් කලාවේදියෙකි.ඔහු සේවය කළ පුවත්පත වූයේ "නිව…