මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

අනවසර හෝටල් හදා, නීතියට 'වංගු' ගහන මාතර 'කළණි-මොහොට්ටි' සබඳතාව!

ලියුවේ Admin
අනවසර හෝටල් හදා, නීතියට 'වංගු' ගහන මාතර 'කළණි-මොහොට්ටි' සබඳතාව!

" මාතර වෙරළ විකුණන් කන වෙරළ සංරක්ෂණයේ බලපත්‍ර මාෆියාව."  යන ශීර්ෂ පාඨය සහිතව පසුගිය ජූලි 15 වැනි දා මා විසින් ලියා පළ කරන ලද හෙළිදරව්ව ඇතුළත් ලිපියට බලපත්‍ර මාෆියාවේ සිටින දූෂිත නිළධාරීන් මෙන්ම, එම දූෂිතයන්ට අල්ලස් ලබා දී අනවසර සහ නීති විරෝධී ඉඳිකිරීම් සිදු කර ඇති පුද්ගලයෝ ද කලබලයට පත් වී තිබේ. 


එසේ කලබලයට පත් වූ එක් අයෙකු වන Culture resort හි හිමිකරු යැයි පවසන ප්‍රසාද් මොහොට්ටි නම් තැනැත්තා, මට fb friends request එකක් එවා, එය මා විසින් accept කළ විගස messenger ඔස්සේ මට ඇමැතුමක් ලබා දුනි. එමඟින් ඔහු කියා සිටියේ, තමාට කිසිම රාජ්‍ය ආයතනයකින්, නීති විරෝධී ඉඳිකිරීම් කටයුතු සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් නොමැති බවය.


ඊට පසුව ඔහු විසින් මට පිළිතුරක් ලෙස එවු සටහන, මා ලියා පළ කළ ලිපියට Comment එකක් ලෙස ද ඇතුළත් කර තිබුණි. එය කිසිදු වෙනසකට ලක් නොකොට ඒ ආකාරයෙන්ම ඕනෑම පුද්ගලයකුට බලාගත හැකි ආකාරයට මම එහි තිබෙන්නට හැරි අතර, තවමචත් එය ඒ ආකාරයෙන්ම තිබේ.


ආතතිය සුව කරගන්න අරගල කරන අය....


දශක කිහිපයක් බටහිර රටක මනෝ වෛද්‍යවරයකු වශයෙන් සේවය කළ බවත්, එම කාලය තුළ Facebook post ලිවීමෙන් රට හැදීමට දිවා රෑ ක්‍රියාත්මක වූ බවත් මොහොට්ටි නමැත්තා ඒ ලියවිල්ලෙහි සඳහන් කොට තිබුණි. ඔහු එසේ කටයුතු කළේ බටහිර රටවල data ලාභ නිසා බවත්, බටහිර රටක ජීවත්වීමේ දී social isolation සහ stress මගහැර ගැනීමට එම ක්‍රියාකාරීත්වය සහනයක් වූ නිසා බවත්, තමා Facebook අරගලකරුවෙක් වූයේ ඒ නිසා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කොට තිබේ.


ලංකාවට පැමිණි, Culture resort පටන් ගත් පසුව, බටහිර රටක ජීවත් වෙමින් නිකන් ලැබෙන data කොටමින් සිටීමට වඩා සිය ගුණයක් එය දුෂ්කර බව වටහාගත් බවත් ඔහු එම සටහනේ ලියා තිබේ.


බටහිර රටක සිටි Facebook අරගලකරුවා, ලංකාවට ගොස් ව්‍යාපාරිකයෙක් වී තිබීම ගැන අපිට නම් අබමල් රේණුවක තරමේ ඊර්ෂ්‍යාවක් නැති බව පළමුවෙන්ම කිව යුතුය. අනෙක් අතට බටහිර රටක ජීවත්වන අපි නම්, ලංකාවේ දූෂිත රාජ්‍ය නිලධාරීන් ගැනත්, එම නිලධාරීන්ට අල්ලස් ලබා දෙමින් රටේ පවතින නීතිය උල්ලංඝණය කරන ජාවාරම්කාර මිනිසුන් ගැනත් ලියන්නේ, data මිල ගණන් අඩු නිසා හෝ social isolation සහ stress ඇති නිසා නම් නොවන බවත් කිව යුතුය.


රට විනාශ කළේ දේශපාලකයන් විතර ද?


අන්ත දූෂිත ආණ්ඩු ගණනාවක, දූෂණය සහ වංචාව නිසා දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවට අත් වී ඇති ඛේදනීය ඉරණම කුමක් ද යන්න, කිසිවෙකුට යළිත් අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නැත. මේ තත්ත්වයට රට පත් කිරීමට වගකිවයුත්තේ දේශපාලඥයන් පමණක් නොවේ. රාජ්‍යයේ ක්‍රියාත්මක දූෂිත නිළධාරී මාෆියාව මෙන්ම මේ දෙපිරිසගේම උදව් උපකාර ලබා ගෙන අනීතිකව ධනය උපයන ව්‍යාපාරිකයන් යැයි කියා ගන්නා ජාවාරම්කරුවන් ද හරි හරියට, ශ්‍රී ලංකාව විනාශ කිරීමට වගකිව යුතු රැස්වීම ගැන ලියන්න


ප්‍රසාද්ගේ මෙහෙයවීමෙන් 'Culture Resort' හි පැවැත්වුණු විශේෂ අනවසර ඉදිකිරීම් ආරක්ෂා කිරීම සඳහා වූ විශේෂ රැස්වීම'දේශපාලන-පරිපාලන අනුමැති වැඩමුළුව' සියයට සියයක් සාර්ථක වී ඇත! නීතිමය පටිපාටීන් අභිබවා අනුමැතීන් ගලා ආ ආකාරය දෙස බලන විට, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරයත් දෙවියන්ටම භාර vi ඇති බව පැහැදිලිය." කළ පොදු මහත් ජනතාවගේ මූලික බලාපොරොත්තුව වූයේ නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වන රටක් ගොඩනැගෙනවා දැකීම ය. නීතිය සැමටම එක ලෙස පවතින සමාජයක් තුළ ඕනෑම පුද්ගලයකුට තමන්ගේ හැකියාව, කැපකිරීම සහ උත්සාහය අනුව තමන්ගේ පුද්ගලික ජීවිතය පමණක් නොව, පොදුවේ රටක දියුණුවටත් දායක වීමට හැකියාවක් ඇති වේ.


නීතියට වංගු ගහන තුන්කට්ටුව...


පවතින නීතියට වංගු ගසමින්, දූෂිත දේශපාලකයන්ට හෝ දූෂිත නිළධාරීන්ට අල්ලස් දෙමින් ව්‍යාපාර කරන්නට යමෙක් කටයුතු කරයි නම්, ඒවා නිර්ධය ලෙස විවේචනය කරමින් හෙළිදරව් කිරීමට, යහපත් සමාජයක් බිහිකිරීම සඳහා කටයුතු කරන මිනිසුන්ගේ යුතුකමක් සහ වගකීමකි. එය කිසිසේත්ම ව්‍යාපාර කඩාබිඳ දැමීමට හෝ රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත් කිරීමට හෝ සිදු කරන ක්‍රියාවක් නොවේ. 


පළමු වැනි කාරණය නම්, ඕනෑම පුද්ගලයකු පවතින නීතියට අනුව කටයුතු කළ යුතු ය. දෙවැනි කාරණය නම්, එම නීතිය රටක දියුණුවට බාධාවක් වී ඇතැයි සිතෙන්නේ නම්, එය ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ඇතිව වෙනස් කොට ඒ වෙනුවට නව නීතියක් සම්පාදනය කිරීමට බලපෑම් කළ යුතුය. එසේ නොමැතිව එක් එක් පුද්ගලයාගේ තරාතිරම, හිතවත්කම, එසේත් නැතිනම් මුදල් දෙන ප්‍රමාණය අනුව පවතින නීතිය එක් එක්කෙනාට රිසි පරිදි නැවීමට හෝ නීතියට වංගු දැමීමට, නීති රීති අකර්මණ්‍ය කිරීමට හෝ ක්‍රියා නොකළ යුතුය.


වසර 17 ක දූෂණය ඉදිරියට ගෙනියන අලුත් ලොක්කා...


මා විසින් ලියා පළ කරන ලද ලිපිය තුළ ඉතා නිශ්චිත ලෙස හෙළිදරව් කරනු ලැබුවේ එවැනි අනීතික ලෙස ක්‍රියා කළ මාතර වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක වන කලණි ප්‍රේමතුංග වසර 17 ක් පුරා එකම ස්ථානයක රාජකාරි කර තිබියදීත්, දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර විසින් නැවතත් ඇයව එම ස්ථානයේ සේවයට පත් කිරීම සහ එමගින් ඔහු ද  මේ දුෂණයට සම්මාදම් වී ඇති ආකාරය ගැන ය. 


වසර 17 ක් පුරා එකම ස්ථානයක රාජකාරි කර ඇති කලණි ප්‍රේමතුංගට එරෙහිව පරිසර අමාත්‍යාංශයේ මේ වන විට විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, ඒ ඇය විසින් සිදු කර ඇති බලපත්‍ර අක්‍රමිකතා හතරක් සම්බන්ධයෙන් බවත් මා ලියූ ලිපියෙන් හෙළිදරව් කළෙමි. ඉන් එකක් වන මාතර පොල්හේන හි පිහිටි Culture resort වලට අයත් අනවසර ඉඳිකිරීම සිදු කොට ඇත්තේ වෙරළ ආරක්ෂණ ගල් බැම්ම මත බවත් මම කීවෙමි.


අනවසර නාඩගම් රඟ දක්වන නළු නිළියෝ...


නමුත් Culture resort හිමිකරු වන මනෝ වෛද්‍යවරයකු වන ප්‍රසාද් මොහොට්ටි කියන්නේ, තමාට කිසිම රාජ්‍ය ආයතනයකින්, නීති විරෝධී ඉඳිකිරීම් කටයුතු සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් නොමැති බවය. එසේ නම් වැඩේ තවත් බරපතලය. Culture resort හිමිකරු ගල් බැම්ම උඩ අනවසර ඉඳිකිරිමක් සිදු කොට තිබියදීත්, ඒ පිළිබඳව අදාළ වෙරළ ආරක්ෂක නිලධාරියා සහ එම ප්‍රදේශයේ රාජකාරි කටයුතු කරන සංවර්ධන නිලධාරිනිය නොදැන සිටිය නොහැක. 


අනෙක් අතට එසේ දැක්කා නම්, ඒ  පිළිබඳව හිමිකරුට දන්නවා ඉවත් කරන ලෙස දැනුම් දීමත්, එසේ ඉවත් නොකරන්නේ නම් ඒ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් කිරීමත් කළ යුත්තේ වෙරළ ආරක්ෂකයා ය. ඒ අනුව කඩා ඉවත් කිරීමට අදාළ ලේඛනයට (DO ) එම ඉඳිකිරීම ඇතුළත් කළ යුතුය. මොහොට්ටි කියන විදිහට එවැනි දෙයක් මේ නිලධාරීන් සිදු කොට නැත. එසේ සිදු කොට නැත්නම් එය බරපතල තත්වයකි. රාජ්‍ය නිලධාරීන් හිතාමතාම අල්ලස් රැගෙන නීතිය ක්‍රියාත්මක නොකිරීමකි. 


Culture resort හිමිකරු වන ප්‍රසාද් මොහොට්ටි කියන ආකාරයට මෙම අනවසර ඉදිකිරීම කඩා ඉවත් කිරීමේ නියෝගයක් ඔහුට නැති නම්, ඒ කියන්නේ ඒ තරමටම  වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව ඔහු විසින් 'හිතවත්' කරගෙන ඇති බවය. 


අනවසර ඉදිකිරීම් මත වැටෙන සෙවණැලි..


මේ ආකාරයේ හිතවත්කමක් ඇති කරගත්තේ කෙසේ ද කියා, මොහොට්ටි මහතා ප්‍රසිද්ධියේ පවසනවා නම් අනික් අයටත් ඒ ක්‍රමවේදය පාවිච්චි කිරීමට හැකියාවක් ඇති වනු ඇත. හැබැයි ඉතින් පොල්හේනේ ගම්වාසීන් නම් කියන්නේ අපි කියන දේමය. එනම් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ  'කඩා ඉවත් කිරීමේ නියෝගය' තාමත් එහෙම්මම තිබෙන බවය. නියෝගය නැති වුණාද, නැත්නම් නියෝගයට 'කළණිගේ සෙවණැල්ල' වැටී පෙනෙන්නේ නැතුව ගියාද කියා ඉදිරියේදී හැමෝටම දැනගත හැකි වනු ඇත.


ප්‍රසාද් මොහොට්ටි කිසිදු අනීතික ඉඳිකිරීමක් සිදු කොට නොමැති නම්, මාතර පොල්හේනේ අනවසර ඉදිකිරීම් සිදු කර ඇති පිරිස් එක්කාසු කොට, මොහොට්ටි ගේ ප්‍රධානත්වයෙන් එයාගේම හෝටලයේ රැස්වීමක් පැවැත්වූයේ කඩා ඉවත් කිරීමේ නියෝගය නිකුත් කර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම වලක්වා ගැනීමට ද නැතිනම් සමාජ සේවයක් ඉටුකිරීමට ද යන්න මොහොට්ටි මහතා ප්‍රසිද්ධියේ කිව යුතුය. 


මේ අනවසර ඉදිකිරීම් පිටුපස සිටින්නේ  අන්ත දූෂිත යමෙකු වූ ඉංජිනේරු සුරංග නන්දසේන සහ ඔහුගේ බිරිඳ වූ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංවර්ධන නිලධාරිනිය වූ කළණි හිමාලි ප්‍රේමතුංග බවත්, ඒ අයගේ දූෂිත බලපත්‍ර මාෆියාවට දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාර සෘජු ලෙස සම්බන්ධ බවත් කිසිවෙකුට සැඟවිය නොහැකි සත්‍යයකි.


අනවසර ඉදිකිරීම් රැකගන්න තැබූ රැස්වීම..


ප්‍රසාද් මොහොට්ටිගේ මෙහෙයවීමෙන් 'Culture Resort' හි පැවැත්වුණු  අනවසර ඉදිකිරීම් ආරක්ෂා කිරීම සඳහා වූ විශේෂ රැස්වීම, 'දේශපාලන-පරිපාලන අනුමැති වැඩමුළුව' සියයට සියයක් සාර්ථක වී ඇති බව පෙනෙන්නට ඇත්තේ,  නීතිමය පටිපාටීන් අභිබවා ඒවාට අනුමැතීන් ලැබී ඇති ආකාරය දෙස බලන විටය. ඒ දෙස බලන විට වෙරළ සංරක්ෂණය භාර දී ඇති දෙපාර්තමේන්තුවේ කාර්යභාරයත් වත්මන් දේශපාලකයන් විසින් ද දෙවියන්ටම භාර දී ඇති බව පැහැදිලිය.


එසේම මා විසින් මීට පෙර ලියූ ලිපියේ සඳහන් කර ඇති, කළණි හිමාලි ප්‍රේමතුංගට එරෙහිව පවත්වන පරිසර අමාත්‍යාංශයේ විනය පරීක්ෂණය ද මන්දගාමී වෙමින් පවතින බවට තොරතුරු අප වෙත වාර්තා වෙමින් තිබේ. ඊට බලපා ඇති හේතු ගැන ද අප වෙත තොරතුරු වාර්තා වෙමින් තිබෙන අතර, ඒ සඳහා මැදිහත් වෙමින් සිටින දේශපාලනඥයන් කවුරුන්ද යන්න පිළිබඳව ද ඉදිරියේ දී හෙළිදරව් කිරීමට අපි කටයුතු කරන බව සඳහන් කරමු.


දෙපාර්තමේන්තුවම පුදුම කරවන අනවසර ඉදිකිරීම නොපෙනෙන හැටි..


ප්‍රසාද් මොහොට්ටි විසින් වෙරළ ආරක්ෂණ ගල් බැම්ම උඩ හදපු restaurant එක නීති විරෝධී අනවසර ඉඳිකිරීමක් බව ස්ථිරය. ඊටත් වඩා ලොකු බලපෑමක් සිදු කොට ඇත්තේ ඔහු විසින් ගල් බැම්ම උඩ ඉඳිකර ඇති විශාල deck එක ය. මෙය මෙතෙක් කිසි කෙනෙකු විසින් සිදු නොකළ, එසේම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේනතුවම පුදුම කරන අනවසර ඉදිකිරීමකි. ගල් බැම්ම යනු දෙපාර්තමේන්තුවේ දේපළකි. එම දේපළ මත මේ ඉඳිකිරීම සිදු කරන තුරු දෙපාර්තමේන්තුවේ වගකිවයුතු කිසිදු නිලධාරියෙක් පැමිණිලි නොකිරීම පුදුමයකි.


මනෝ වෛද්‍යවරයකු වන ප්‍රසාද් මොහොට්ටි මහතා වෙරළ ආරක්ෂණ ගල් බැම්ම මත ඉඳි කළ නීති විරෝධී අනවසර ඉඳිකිරීම් දැක්වෙන පිංතූරය මේ ලිපිය සමඟ අමුණා ඇති නිසා, එය නීති විරෝධී අනවසර ඉඳිකිරීමක් ද නැද්ද යන්න වසර 17 ක් එකම තැන රාජකාරි කටයුතු කරන කළණි හිමාලි ප්‍රේමතුංගට, ඇයගේ සැමියා වන වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයේ හිටපු ඉංජිනේරුවරයා වන සුරංග නන්දසේනට හෝ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප්‍රදීප් කුමාරට නොපෙනුනා ට මාතර පොල්හේන ප්‍රදේශයේ ජනතාවට සහ වෙරළ සංරක්ෂණ නීති රීති ගැන අවබෝධයක් ඇති සියලුම දෙනාට තේරුම් ගත හැකි වනු ඇත.


ප්‍රසාද් මොහොට්ටි මහතා ගේ නැගණියගේ classmate වන කළණි හිමාලි ප්‍රේමතුංග ගැන විශ්වාසය තබා ඕනෑම ගණුදෙනුවක් කිරීමට මොහොට්ටි මහතාට හැකියාවක් ඇතත්, ඒ සියළු ගණුදෙණු රටේ නීතියට අනුව මිසක් අනීතියෙන් සිදු නොකරන ලෙස පමණක් දන්නවා සිටින්නේ, මේ අනීතික කටයුත්ත නිවැරදි කරන තෙක් අපි මේ පිළිබඳව දිගින් දිගටම සාක්ෂි සාධක සහිතව හෙළිදරව් කිරීමටත්, එය නීතිය ඉදිරියට ගෙනයාමටත් නොපැකිළෙන බව මතක් කරමිනි. 


හෝටලයක හිමිකරු වන තුෂාර සඳකැල් කුමාරවඩු නමැත්තකු විසින් කළණි හිමාලි ප්‍රේමතුංග ගේ සුජාතභාවය ගැන සහතික දෙමින් අදහස් ඉදිරිපත් කර ඇති අතර, අනවසර ඉදිකිරීම් සහිත හෝටලයක් හිමිකරුවකු වන ඔහුට ලබාදිය යුතු පිළිතුරු ඉතා කඩිනමින් ලබාදීමට ද අප සුදානම් ය.



සුනිල් ගාමිණී ජයලත්ගේ ✍️ 

සියලු ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?
නවතම ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?

කම්කරු අමාත්‍ය  හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ ෆේස් ⁣බුක් පිටුවේ මෙසේ සඳහනක් දකින්නට තිබුණි.  "......ජාතික ජන බලවේගය බලයට පත්වීම  විවිධ බලවේග රාශියක මැදිහත්වීමෙන් වෙහෙස මහන්සිය…

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම
නවතම ප්‍රවෘත්තිPolitical

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම

නඩු ප්‍රමාදය යනු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ දිගුකාලීන ගැටලුවකි. ඒ බව NPP/JVP ය තමන් 2024 දී ජනතාවට ඉදිරිපත් කළ " පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම පිළිගෙන තිබේ. "නීතිය මත…

නීතිඥ සංගමයේ රුදාව සනීප ද?  රජීව් හතරගාතෙන් වැටිලා ද?
නවතම ප්‍රවෘත්තිPolitical

නීතිඥ සංගමයේ රුදාව සනීප ද? රජීව් හතරගාතෙන් වැටිලා ද?

ශ්‍රී ලංකාව තුළ මේ වන විට මහත් ආන්දෝලනයට තුඩු දී ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව, නීතීඥ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය අගෝස්තු 12 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක්…

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය
නවතම ප්‍රවෘත්තිPolitical

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය

"සතුරා බලාපොරොත්තු වන දෙයම ඔවුන්ට දෙන්න. එවිට ඔවුන් එය හඳුනාගෙන තමන්ගේ සැලසුම් ස්ථිර කරගනී. ඉන්පසු ඔවුන් එම බලාපොරොත්තුව අනුව ක්‍රියා කරන තෙක් බලා සිට, ඔවුන් කිසිසේත් අපේක්ෂා නොකරන ප්‍රහාරයක් එල්ල කරන…