මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිSocial

අපි "තාත්තා හාමුදුරුවරු" හදමූ..! පෝෂණය කරමු...! ආරක්ෂා කරමු....!

ලියුවේ Admin
අපි "තාත්තා හාමුදුරුවරු" හදමූ..! පෝෂණය කරමු...! ආරක්ෂා කරමු....!

විශේෂයෙන්ම ලංකාවේ බෞද්ධ විහාරස්ථාන ඇතුලේ සිදුවෙන ලිංගික අපචාර නතර කරන්න ක්‍රමයක් මං හිතන්නේ නෑ අපේ සමාජයට තව කාලෙකට හොයාගන්න පුළුවන් වෙයි කියලා.


ඒකෙ ප්‍රධානම හේතුව තමයි අපිට පන්සල් කියලා පෙනුනට මේ පන්සල් නෙවෙයි තියෙන්නේ, මේවා බූදල්. මේවා 1931 අංක 19 දරන විහාර දේවාලගම් පනත යටතේ මේ දේපල පුද්ගලික දේපල. විහාරාධිපති කෙනෙක් ඉන්නවා නම්, ඒ විහාරාධිපතිට ඒ දේපල අයිතියි.


අනුරාධපුරේ තියෙන ප්‍රධාන ඔය පූජනීය ස්ථාන අටේ බලන්න, පහුගිය අවුරුදු දෙසිය ගාණක් කවුද පාලනය කරලා තියෙන්නේ? එකම පවුලක් පාලනය කරන්නේ. ඕක මිහින්තලේට යන්න, ඒක වලාහැංගුනුවැව. ඔතෙන්ට ආවහම එතන පල්ලෙගම. ඕක මහනුවරට ගියාම සියම් නිකායේ මල්වතු පාර්ශවයේ එක පවුල් පරම්පරාවක්. අස්ගිරි පාර්ශවයේ තව පරම්පරාවක්. ඕක මහියංගනයට යන්න, ආපහු කූරගලට යන්න, මේවා පරම්පරා බූදල්.


එතකොට මේ බූදල් ක්‍රමය ඇති කරේ ඉංග්‍රීසිකාරයෝ. ඉංග්‍රීසිකාරයෝ අපිට දීපු ලොකුම ලණුව තමයි මේක. එතකොට මේ ලණුව කපන්නත් බෑ, කඩන්නත් බෑ, ඒ කිසි කෙනෙක් මේකට අත තියන්නේ නෑ.


පුද්ගලිකව මම දන්නවා දැනට බොහෝ විහාරස්ථාන වල පැවිදි කරන්නේ තමන්ගේම දරුවෝ ගෙනල්ලා. ඔය හේමරතනගේ ගුරුවරයා සිරිනිවාස—සිරිනිවාසගේ දූගේ වෙඩින් එක තිබුණේ ගල්කිස්ස මහ හෝටලේ. හාමුදුරුවෝ,  තාත්තා හාමුදුරුවෝ සිවුරත් දාගෙන ඇවිල්ලා දූගේ මේ මගුලට සහභාගි වුණා. දැන් පහුගිය කාලේ අනුරාධපුරේ නඩු තියෙන්නේ, ඒ දේපල වලට ඒ දූ තමයි නඩු කියන්නේ සිරිනිවාසගේ.


මේ අපේ සමාජයට මේක දරාගන්න පුළුවන්. ඇයි අපිට දරාගන්න පුළුවන්? මේ මුළු සියලුම නිකායන් තියෙන්නේ කුල සහ ප්‍රාදේශීය කුල උඩ බෙදිලා. කිසි කෙනෙක් මේක කතා කරන්නේ නෑ එලියේ. බෞද්ධ සංස්කෘතියට මේක උගන්වන්නේ නෑ. සියම් නිකායේ මල්වතු අස්ගිරි පාර්ශව දෙකේ නායකත්වය උඩරට ගොවි කුලයෙන් පිට දෙන්නේ නෑ. ඊළඟට සියම් නිකායේ සෙසු පාර්ශව කිසිවෙක ගොවි කුලයේ නොවන කිසි කෙනෙක් මහණ කරගන්නේ නෑ, උපසම්පදාව දෙන්නේ නෑ. මේක කිසි කෙනෙක් කතා කරන්නේ නෑ.


බුදුහාමුදුරුවෝ අවුරුදු  2500 කට ඉස්සෙල්ලා කියපු එකට විරුද්ධව දැන් ඉන්න එවුන් වැඩ කරනවා. කිසි කෙනෙක් එළියේ කතා කරන්නේ නෑ; දේශපාලඥයෝ කතා කරන්නෙත් නෑ, සමාජ විද්‍යාඥයෝ කතා කරන්නෙත් නෑ, හාමුදුරුවෝ කතා කරන්නෙත් නෑ. මේක තනිකර වැඩවසම් විදිහට, කුල අනුව විදිහට තියෙනවා. හැම නිකායක්ම ලංකාවේ තියෙන එකක් කුල සහ ප්‍රාදේශීය කුල අනුව බෙදිලා තියෙන්නේ. ඉතින් කොහොමද මේක වෙනස් කරන්නේ? ඒ උඩ ඒ ඒ අදාල අයට තමයි දේපල අයිති වෙන්නේ.


එතකොට මේ දේපල අරන් යන්න මුල් කාලේ කරන්නේ තමන්ගේ ගමෙන් ගෙනල්ලා ඥාතීන්ගෙන් ගෙනල්ලා පැවිදි කරනවා. එකම වාසගමෙන් එන්නේ, එකම ගමේ නමෙන් එන්නේ ඒක. දැන් කරන්නේ දරුවෝ මහණ කරන එක. තමන්ගේම දරුවෙක් කොහේ හරි බිරිඳකට හෝ තමන්ගේ හොර පෙම්වතියකට දාව ගෙනල්ලා මහණ කරනවා.


ඉතින් මේක කඩන්න දෙන්නේ නෑ. මේ දේපල උරුමය කඩන්න දෙන්නේ නෑ. මේක එළියේ කතා කරන්නත් බෑ, මේවා චැනල් වල දාන්නත් බෑ. නමුත් මේක කුණු වෙච්ච පොල් කෝම්බයක් වගේ. මේ කුණු වෙච්ච පොල් කෝම්බය සුද්ද කරන්න ක්‍රමයක් තාමත් සිංහල බෞද්ධයන්ට නෑ—මමත් සිංහල බෞද්ධයෙක් හතරවරිගෙන්ම. නමුත් ක්‍රමයක් නෑ.


ඒක නිසා තමයි ඊළඟට මේක කරන්න තමයි මේ ළමුන් පැවිදි කරන්නේ ප්‍රධානම හේතුව. වැඩිහිටියෝ නෙවෙයි ළමුන් ගෙනල්ලා පැවිදි කරන්නේ. එතකොට මේ ළමුන් පැවිදි කිරීම තහනම් කරන ක්‍රමයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ළමුන් පැවිදි කරනවා නම්, ඒ හැම පිරිවෙනකටම ළමා ආරක්ෂක අධිකාරියෙන් ගිහිල්ලා නිරීක්ෂණය කරන්න ඕනේ මාසෙකට සැරයක්. 'මොකද තමුසෙලාට වුණේ?' කියලා අහන්න ඕනේ. ඉතින් මෙන්න මෙවැනි තත්ත්වයක් තියෙන්නේ.


ඊළඟට පළවෙනි එක, මේ ආණ්ඩුවට පුළුවන් නම් 1931 අංක 19 දරන විහාර දේවාලගම් පනත අහෝසි කරලා මේ සාංඝික දේපල පොදු එකක් කරන්න ඕනේ. මං හිතන්නේ නෑ මේවා කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නැති තාක්කල් අපිට කවදාක්වත් මේ පන්සල් වල සිද්ධ වෙන අපචාර වලින්, වැරදි වලින් ගැලවෙන්න ක්‍රමයක් නෑ. මේක තමයි මේ යුගයේ සිංහල බෞද්ධයා මුහුණ දෙන බරපතලම අභියෝගය. බෞද්ධයෙක් හැටියට මටත් මේ අභියෝගය පේනවා.


ප්‍රශ්නය තියෙන්නේ අපි ආසන 159 ක් දීපු ආණ්ඩුවට මේක කරන්න පුළුවන් ද කියලා. ආණ්ඩුව ගත්ත දවසේ ඉඳලා ලංකාවේ ඉන්නේ භික්ෂූන් හතලිස් දෙදහසක් විතරයි. ඒකෙනුත් ඡන්දය ඇත්තේ හොඳටම භාගෙකට විතරයි. අපි ඡන්ද ලක්ෂ ගණන්—ලක්ෂ තිස් හතලිහක් දීපු එකට වඩා වැදගත් වෙනවා ඒගොල්ලන්ට මේ විසිදහසකගේ කතාව. ඒක නිසා ඒගොල්ලෝ ඒකට විරුද්ධව කිසි දෙයක් කරන්නේ නෑ. ඒක හින්දා මේ වගේ සිදුවීමක් ඉස්සරහා අපිට අනාගතයක් පේන්නේ නෑ, අන්ධකාරයක් විතරයි පේන්නේ.


නිදහස් මාධ්‍යවේදී Nandana Weerarathne ජන බලය සංවිධානය මගින් පසුගියදා පවත්වන ලද මාධ්‍ය හමුවේදී සිදු කරන ලද ප්‍රකාශයයි)

ප්‍රවර්ගය :Social

සියලු ප්‍රවෘත්තිSocial

ඇති යන්තම් වැඩේ ලේසි නැති බව තේරුම් ගත්තා..
නවතම ප්‍රවෘත්තිSocial

ඇති යන්තම් වැඩේ ලේසි නැති බව තේරුම් ගත්තා..

මාධ්‍යවේදීන් , ජනමාධ්‍ය සංවිධාන සහ සිවිල් සමාජය විසින් නැගූ හඬ සහ එල්ල කළ නීතිමය හා තර්කානුකූලබලපෑම හේතුවෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට එල්ල වීමට ගිය බරපතලතර්ජනය වළක්වා ගැනීමට…

රාජ්‍ය යාන්ත්‍රණයේ ඇණ මුරුච්චි තද කරන්නට ජනපතිවරයාම අවශ්‍යද?
නවතම ප්‍රවෘත්තිSocial

රාජ්‍ය යාන්ත්‍රණයේ ඇණ මුරුච්චි තද කරන්නට ජනපතිවරයාම අවශ්‍යද?

ජනපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සමාජ සේවා අංශය වෙතින් ඉදිරිපත් කරන ලද යෝජනාවකින් පැවසු⁣නේ දෘශ්‍යාබාධිත ළමුන් වෙනුවෙන් වැසිකිලි පද්ධත…

බලපිටියේ ජොරා මරණ කිරි පෝය මඟුල..
නවතම ප්‍රවෘත්තිSocial

බලපිටියේ ජොරා මරණ කිරි පෝය මඟුල..

ඇසල පෝයට පෙර දිනයේ බලපිටිය පැත්තේ පදිංචි කරුවකු විසින් අපි හෙට ජොරා මරණවා යැයි යම් සමීපතමයෙකුට පැවසුවහොත්, ඔහු එහි අදහස නොදන්නා කෙනෙකු නම් අතිශය බියට පත් වන බව නම් නිසැකය. ඇසල පෝය දිනය දකුණු මුහුදු තී…

පත්තරකාරයො මෙහෙමයි....
නවතම ප්‍රවෘත්තිSocial

පත්තරකාරයො මෙහෙමයි....

ජනතාව කුලප්පු කිරීමට හෙවත් පෙළඹවීමට පුවත්පත් කලාව යොදා ගැනීම පිළිබඳව පුවත්පත් ඉතිහාසයේ එක්හාස්‍ය ජනක කතාවක් අසන්නට ලැබේ. ජෝෂප් පුලිට්සර් යනු ඇමරිකානු පුවත්පත් කලාවේදියෙකි.ඔහු සේවය කළ පුවත්පත වූයේ "නිව…