මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිInternational

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ

ලියුවේ Admin
ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ

ඉස්ලාම් ධර්මයට සහ මුහම්මද් නබිනායකතුමාට අපහාස වන අයුරින් ෆේස්බුක් සටහනක් තැබූ බවට චෝදනා කරමින් සෞදි අරාබි අධිකරණයක් විසින් ශ්‍රී ලාංකික තරුණයකුට වසර 5ක සිරදඬුවමක් පනවා තිබේ.



කල්මුණේ නැට්පිට්ටිමුනෙයි ප්‍රදේශයේ පදිංචි සිවරාසා අනෝජන් නමැති මෙම තරුණයාට සිරදඬුවමට අමතරව සෞදි රියාල් මිලියන 3ක දඩයක් ද නියම කර ඇත.



අනෝජන් නමැත්තාගේ දඬුවම ලිහිල් කර ගැනීමට සහ ඔහුව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා ඔහුගේ දෙමාපියන් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ,



සෞදි අධිකරණය විසින් ලබා දී ඇති තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නීතිමය පිරිවැය, සෞදි රියාල් 25,000ක් පමණ වන බවත් , එම සියලු නීතිමය පිරිවැය විත්තිකරු විසින් දැරිය යුතු බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී ඇත.



දැඩි ආර්ථික අපහසුතා හමුවේ ජීවත් වන තමන්ට, අධිකරණය නියම කළ දඩ මුදල හෝ අභියාචනය සඳහා යන නීතිමය ගාස්තු ගෙවීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බව ඔහුගේ මාපියෝ පවසති.



ඒ අනුව, මානුෂීය පදනම මත මැදිහත් වී ඔහුගේ දඬුවම ලිහිල් කර ගැනීමටත්, නීතිමය කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීමටත් කටයුතු කරන ලෙස ඔවුහු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති,

සියලු ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් අගෝස්තු මස අග වන විට එම තනතුරෙන් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (12) දින පැවසීය. 28 හැවිරිදි ලෙවිට් ඉල්ලා අස්වන්නේ, ඇගේ ලස්සන කුඩා දරුවන් සහ පවුලේ අය…

ප්‍රංශය දැවී යන අර්බුදය:  ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය
නවතම ප්‍රවෘත්තිInternational

ප්‍රංශය දැවී යන අර්බුදය: ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය

අධික උණුසුම් කාලගුණය, දිගුකාලීන වියළි බව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රංශය මේ වන විට මෑත ඉතිහාසයේ එරට මුහුණ දුන් දරුණුතම පාරිසරික අර්බුදයකට මැදිව සිටී.  දකුණු සහ බටහිර ප්‍රංශයේ පැතිර යන මෙම ද…

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි

තරුණ විරෝධතාකරුවන්ට විශාල ජයග්‍රහණයක් ලබා දෙමින් ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබේ. ඉන්දියාවේ නවතම වීදි විරෝධතාවන් අගමැති නරේන්ද්‍ර මෝදිට අභියෝගයක් වී ඇති අතර,  තරුණයින් විසින්&nbsp…

වයස අවුරුදු 15 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම්
නවතම ප්‍රවෘත්තිInternational

වයස අවුරුදු 15 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම්

වයස අවුරුදු 15 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කළ පළමු යුරෝපීය රට බවට ප්‍රංශය පත්වේ. යුරෝපීය සංගමය තුළ වයස අවුරුදු 15 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කළ පළමු රට බවට ප්‍රංශය පත්ව ඇති අතර, එහි පාර…