මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

උද්දච්ඡ සහෝදරවරුනි මේ අහපල්ලා....

ලියුවේ Admin
උද්දච්ඡ සහෝදරවරුනි මේ අහපල්ලා....

දේශපාලන හා මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් 2011 වසරේ යාපනයේ දී අතුරුදන් සිදුවීමට අදාළ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා, එළඹෙන සැප්තැම්බර් 29 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසත්, එතැන් සිට මාර්ගගත (Online) වීඩියෝ තාක්ෂණය ඔස්සේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙන ලෙසත් හිටපු ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (7) නියෝග කර තිබේ.





මේ ප්‍රවෘත්තිය ආණ්ඩුවේ සමීපතමයන්ට මාරම සතුට දෙන ප්‍රවෘත්තියක් වන බව නිසැකය. එහෙත් ඒ ගැන අපට වෙනස් කියවීමක් තිබේ. ආණ්ඩුවට එරෙහිව ඉන්නා කල්ලි දැන් ඉන්නේ මරු විකල්ලයෙනි. හිරේ විලංගුවේ නොවැටී ඉන්නට විවිධ ආකාරයේ කුමන්ත්‍රණ දියත් කරමින් සිටින මේ අපරාධකාරයන් ගේ,  සියළු ක්‍රියාකාරකම් පවතින්නේ අනුකම්පා විරහිත මෙලේච්ඡත්වය තුළය.





රාජපක්ෂ වරුන් විසින් සිදු කරන ලද සාහසික අපරාධ හා ජාවාරම්, අධිකරණය තුළ ප්‍රශ්ණ කෙ⁣රෙමින් පවතින වටපිටාවක ඒ නඩුකරයන් හා සම්බන්ධ සාක්ෂි කරුවන් අබිරහස් ආකාරයට සිය දිවි නසා ගැනීම දක්වා වූ සිද්ධීන් සමාජයේ බරපතල සැකයට හේතු වී තිබේ.





මෙරට පැවැති ජාවාරම්කාර දූෂිත දේශපාලනයේ බල අධිකාරිත්වය ගිලිහෙමින් පවතින වටපිටාවක, එය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ ඒ  පාර්ශවයන් දියත් කළ හැකි කුමන්ත්‍රණ වල ස්වරූපය ආණ්ඩුව විසින් නිවැරිදිව වටහා ගන්නට අසමත් වන්නේ නම්, එහි අවසාන ප්‍රතිඵලය ඉතා බරපතල විය හැකිය. 





එහිදී ඇතැම්  කුමන්ත්‍රණ සැළසුම් වෙන්නේ දේශපාලනික හැඩයෙන් විය හැකිය. එසේත් නැතිනම් ජාතිවාදී ස්වරූපයෙන් වෙන්ටත් පුළුවන. ආගමික ආරවුල් වශයෙන් පොලා පනින්ටත් පුළුවන.




"දාමට ඉත්තා සගයක් නොවේ."  ඒ කියමන මේ අවස්ථාවේ හොඳටම ගැලපෙන්නේ ගෝඨාභය රාජපක්ෂටය. සාක්ෂි දෙන්නට 

අධිකරණයට එන ගෝඨාභය ආරක්ෂා කර ගැනීම, ආණ්ඩුව එක් වරක් නොව දහ වරක් සිතිය යුතුය. ආණ්ඩුව බිඳ වැට්ටීමේ කුමන්ත්‍රණවලට රුධිරය කාගේද යන්න අදාල වන්නේම නැත.




එහෙත් ජාතික ජන බලවේග ආණ්ඩුවේ කෙරුවාව, මේ ආණ්ඩුව බලයට පත් කරවීමට මහන්සි වූ අයවළුන්ද අන්ද මන්ද කරවමින් තිබෙන බව දැනෙන්නට තිබේ. ආණ්ඩුව බලයට පත් කිරීමෙන් පසු රාජ්‍ය යාන්ත්‍රණය තුළ පැවැති දූෂණය නිමා කෙරෙනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසය විය. ඒ විශ්වාසය මේ වන විට ඉතා ඛේදජනක ආකාරයෙන් දෙදරා ගොස් තිබේ. ජාතික ජන බලවේගය බලයට පත් කිරීමට දර දිය ඇදි බොහෝ දෙනා දැන් නාහයෙන් අඬමින් සිටින්නේ තමන් ආණ්ඩුවේ කෙරුම්කාරයන් ගැන තැබූ විශ්වාසය ඉරි තලා ගොස් ඇති නිසාය.





ලාල්කාන්තගේ  ගණන්කාර කයිවාරුවද, නාමල් කරුණාරත්නගේ රූකඩ  බයිලාවද,  වසන්ත සමරසිංහගේ මුදලාලි පුරාජේරුදවද, සමන්ත විද්‍යාරත්නගේ ජන වහරේ අදෝනාවද, හඳුනෙත්තිගේ චක්කරේ පාඩමද, දොස්තර නලින්ද ජයතිස්ස ගේ ගොඩ වෙදකම්ද  ජාතික ජන බලවේග දේශපාලනය තවදුරටත් ශක්තිමත් කරවන සිමෙන්ති ගල් නොවේ.





ඒ මෝඩ ගඩොල් කයිවාරු පිළිබඳව  පුරවැසියන් තුළ මේ වන විට හීන් සැරයේ අප්පිරියාවක් මතු වෙමින් තිබෙන බව සිහිපත් කළ යුතුය. ඒ ඔවුන් විසින්ම වැපිරූ බීජවල අස්වැන්න ය.





මේ ලියුම්කරු පසුගියදා ප්‍රශ්ණයක් කතා කිරීම සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රබලයකු හමුවිය. ඔහු ඒ අවස්ථාවේම ලියුම්කරු දුරකථනයෙන් සම්බන්ධ කෙරුවේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති සහෝදරයෙකි. ඒ නියෝජ්‍ය ඇමති සහෝදරයා ප්‍රශ්ණය කුමක්දැයි විමසීමෙන් පසුව අදාළ ප්‍රශ්ණය පිළිබඳව දැනුවත් කිරීමට ලියුම්කරු තොරතුරු පවසමින් විටදීම නියෝජ්‍ය ඇමති සහෝදරයා විසින් දුරකථනය විසන්ධි කළේය.





එතැනින් එහා ඒ ඇමති බාග කෑල්ල නැවත සම්බන්ධ  කර ගැනීමට නොහැකි විය. පසුව පැය හය හතකට පසුව ලියුම්කරු තම හිතවත් ⁣ජාතික ජන බලවේග ප්‍රබලයාගෙන් විමසුවේ නියෝජ්‍ය ඇමතිවරයා ඔහු නැවත ඇමතුවේද නැද්ද යන්නය.




"නෑ බං අයියේ...." ඒ ඔහුගේ පිළිතුරුය.





අපට මේ සිද්ධියෙන් සිතා ගත හැකි කරුණු බොහෝය. ඒවා සංසන්ධනය කළ යුත්තේ ජාතික ජන බලවේගය ගැන දැඩි විශ්වාසය තබා, අප විසින් කුණු කූඩයට විසි කර දැමූ ⁣පැරණි දේශපාලඥයන් ගේ මහජන සම්බන්ධීකරණය ගැන මතකයට ගනිමිනි. ඔවුන්ගේ රැවටිලිකාර දේශපාලනය තුළ පවා මේ ආකාරයට අශීලාචාර අවලස්සන හා හිරිකිත ආකාරයට පුරවැසියන් නොතකා හැරීමක් සිදු නොවූ බව අප අමතක නොකළ යුතුය. 





එදවස බොහෝ අමාත්‍යවරුන් වෙත පුරවැසියන් ගෙන් ලැබෙන ඇමතුම් සිය කාර්ය මණ්ඩලය යොදවා හෝ අවධානයට ගැණිනි. ශුද්ධවන්ත ජාතික ජන බලවේග දේශපාලනය තුළ එවැනි ගණුදෙනුවක් නැත. කෙසේ වෙතත් මේ ඇමති බාගය සදාචාරය ගැන ඇබින්දක්වත් නොදන්නා එකෙක් විය හැකිය. අපට ඒ ගැන කණගාටුවීම හැර වෙන කරන්නට දෙයක් නැත.





රාජ්‍ය යාන්ත්‍රණය වෙතින් තමන්ට සිදු කරන අකටයුත්තක්, අසාධාරණයක් ගැන දුක්ගැනවිල්ලක් ජාතික ජන බලවේග කෙරුම්කාරයන්ට ඉදිරිපත් කළ හැකි අවස්ථාවද මේ වන විට අහිමි වී තිබේ. මේ හැම කෙරුම්කාරයෙක් අසල ඒ ගැන පොදු පිළිතුරක් තිබේ. ඒ මෙසේය.





"අපි රජයේ නිළධාරීන් සිදු කරන වැරදි ගැන මැදිහත් වීමක් කරන්නෑ. එහෙම අසාධරණයක් වෙනවා නම් අදාල ආයතනයේ ඉහලට පැමිණිලි කරන්න." මේ

මොවුන් පොදුවේ දෙන පිළිතුරයි.





මේ පිළිතුර සමග පුරවැසියාට ඉතිරිව ඇත්තේ "උඹෙ මෑණියන්ට මොනවද එක කරා" නම් ඊට වඩා හොඳ නැද්දැයි තමන්ගේම හිත යටින් අසා එතැනින් ආපසු පිටවීම පමණය. 





දැන් ⁣බොහෝ පුරවැසියන් මුහුණ පාමින්  සිටින්නේ මේ යථාර්තයටය. ජාතික ජන බලවේගයේ කෙරුම්කාරයන් සිතා සිටින්නේ මෙරට රාජ්‍ය යාන්ත්‍රණය නෙළුම් මලෙන් උපන් ශුද්ධවන්තයන් ගෙන්ම ක්‍රියාත්මක වෙන යුක්ති ගරුක ක්‍රියාවලියක් බැවින් ඒ යාන්ත්‍රණයට දේශපාලන බලපෑම් අනවශ්‍ය බවය.





ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය පොඩි සහෝදරයෙක්  තමන්ගේ පුරවැසියෙකුට ඉඩම් අමාත්‍යංශයෙන් සිදුවන අසාධාරණයක් පිළිබඳව අධිකරණ ඇමතිගේ පෞද්ගලික ⁣ලේකම්වරයා දැනුවත් කෙරුවේ ඔහු හා දන්නා හඳුනන කමටය. එහිදී මේ පෞද්ගලික ලේකම් ගත් කටටම කීවේ ඉඩම් අමාත්‍යංශ ප්‍රශ්ණ වලට අධිකරණ අමාත්‍යංශය මැදිහත් වන්නේ නැති බවය.





සැබැවින් එහිදී සිද්ධ විය යුතුව

තිබුණේ, ඒ පුරවැසියාගේ දුක්ගැනවිල්ල ලිඛිතව භාරගෙන ඒ ලියවිල්ල අධිකරණ අමාත්‍යවරයාගේ අත්සන සහිත ආවරණ ලිපියක් සහිතව ඉඩම් ඇමතිට යැවීමය.

⁣අමාත්‍ය පෞද්ගලික කාර්ය මණ්ඩලවලට අනුයුක්තව සිටින්නේ මෙවැනි මෝල් ගස්ය. මේ මෝල්ගස් වල කෙරුවාව නිසා ආණ්ඩුවේ සමීපතමයන් පවා කළකිරී ඇතැයි අපගේ කණට ඇසී තිබේ.





ජාතික ජන බලවේගයේ මේ පඩත්තල කෙරුම්කාරයන් ⁣බොහෝ දෙනෙකු සිතා සිටින්නේ  ආණ්ඩුව තව අවුරුදු තිහ හතලිහකට බිඳ වට්ටවන්නට බැරි බවය. ඒත් එහිදී අපට සිහිපත් වන්නේ චිලියේ අයන්ඩේ ගැනය. ඊජිප්තුවේ අන්වර් සදාත් ගැනය. හොඳම උදාහරණය ඇත්තේ පිලිපීනයේය. ඒ මාකෝස්ය.





අයන්ඩේට එරෙහිව ආවේ මිල්ටෙරි කැරැල්ලකි. ඒ ගැන කල්පනා කිරීම ආණ්ඩුවට හිතවත් මිල්ටෙරි ලොක්කන්ගේ කාරියකි. තමන්ට හිතවත් මිල්ටෙරි ලොක්කන්ට පවා ඇහුම්කම් නොදේ නම්, ඒ ගැන පණ්ඩිතකම් ලියන්නට අප⁣ට නොහැකිය. ඒ කෙසේ වෙතත් 'දේශයේ සාමයට ප්‍රේම කරන්න. ඒ්ත් වෙඩි බෙහෙත් වියලා තබා ගන්න" යැයි අපි අනුර සහෝදරයාට අවවාද කරමු.

 




සිය හමුදාව ගැන විශ්වාස කළ අන්වර් සදාත්, මා ජීවත්වෙන්නේ "මාගේ දරුවන් සමග" බව පවසමින් සොල්දාදුවන් අතරට ගිය නමුත් 1981 ඔක්තෝම්බර් 06 වෙනදා කයිරෝවලදී "අර දරුවන්" දෙ⁣න්නෙක් විසින්ම ⁣ඔහු ඝාතනය කරන ලදී. 





අන්ත දූෂිත බව නිසාම මාකෝස් බලයෙන් පහ කෙරුණි. එහෙත් දූෂිතයන් යැයි හංවඩු ගසා නින්දා කෙරුණ මාකෝස් පවුල වර්තමානයේ නැවත පිලිපීනයේ බලයට පත් වී තිබේ. ඉතිහාසයේ සිදුවීම් ගැන කියවිය යුත්තේ භය වීමට නොවේ. පාඩම් ඉගෙන ගැනීමටය. ඒත් සියල්ල දන්නා උද්දච්ච වාහේලාට නම් ඉතිහාසය විහිළුවක් වන්නට පුළුවන. ඒ විහිළුව හොඳ වෙන්නේ නැට්ටටම කෙල වී පුක බිම ඇණුන දවසට ය.





එපමණක්ද නොවේ. 1986 දී පැනමාවේ ජනරාල් පෙරිමෝස් ගිය ගුවන් යානය පුපුරවා හැරියේ ඔහු ගේ බොඩි ගාඩ්ය.

ඉන්දිරා ගාන්ධි ඝාතනයට පාකිස්ථානය බුද්ධි තොරතුරු සපයා ගත්⁣තේ ඇයගේ උපදේශකයෙක් වූ රාජේන්ද්‍ර කුමාරගෙනි.

ඇය ඝාතනය කරන ලද්දේ ඇයගේම අභ්‍යන්තර ආරක්ෂක වලල්ලේම සේවය කළ සොල්දාදුවන් දෙදෙනෙකි.





වර්තමානයේදී සිර ගෙවල් තුළ සිද්ධ වෙමින් පවතින ආරවුල් අහඹු සිදුවී⁣ම් නොවේ. ජාතික ජන බලවේගය බලයට ගෙන ඒමට බොහෝ උදව් කළ බන්ධනාගාර නිළධාරීන් සිටියහ. ඒත් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව සිදු වූ සිදුවීම් හේතුවෙන්, ඒ සමීපතමයන් ආණ්ඩුව හා තිබුණු ගණුදෙනු අත් හැර තිබේ. 





බන්ධනාගාර දූෂිතයන්ට සිය බල අධිකාරිය තවදුරටත් පවත්වා ගෙන යාමට ඉඩදී ආණ්ඩුව අහක බලා ගත්තේය. ආණ්ඩුව බලයට ගෙන ඒමට බොහෝ කැපවීම් කළ බන්ධනාගාර නිළධාරීන් කළකිරීම නිසාම ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණකරුවන්ට බන්ධනාගාරය තුළ ගිණි අවුලවන්නට ඉතා පහසු විය. මේ ආණ්ඩුවේ උද්දච්චයන් පළමුවෙන් වටහා ගත යුත්තේ⁣ මේ වටපිටාවය. 






දැන් මේ දේ සිද්ධ වී ඇත්තේ බන්ධනාගාරය තුළ පමණක් නොවේ. මේ සිද්ධ වුන දේ පොලීසියේද වෙනත් රාජ්‍ය දෙපාර්තමේන්තු අධිකාරී හා සංස්ථා තුළද සිද්ධ වී තිබේ. ඒ ඒ ආයතන වල සිට ජාතික ජන බලවේගය බලයට පත් කරවීම සඳහා කැප වූවන්ට දැන් ආණ්ඩුව "තුක් නොදකින්" වී තිබේ. ඊළගට පත්තු වෙන්නේ කවර හැ⁣ඩයේ ආරවුලක්ද එය සිද්ධ වෙන්නේ කොතනදී ද යන්න කිසිවෙකුට අදහසක් ඇති කරගන්නටත් නොහැකි වී තිබේ.






ජාතික බුද්ධි සේවයේ පහල ඇවරියේ නිලයන්ට තවමත් මේජර් ජනරාල් සලේ පිළිබඳව ඇත්තේ ගෞරවණීය හැඟීමකි.

ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස සලේ ඔවුන් හා ඉතා සමීපව රාජකාරි කිරීම එයට හේතුව වී ඇති බව පැහැදිලිය. එහෙත් මේ ආණ්ඩුව ජාතික බුද්ධි සේවයට "පිං ගොනා හංවඩුව" තබා අයාලේ යෑමට අත් හැර තිබේ. සැබෑවටම ආණ්ඩුවට තිබූණේ සලේට වඩා දක්ෂයකු මෙහි ඉහළ පුටුවට පත් කිරීමය. සිද්ධ වී නැත්තේ ද එයමය.






මිනිස් හැඟීම්  මුහු⁣දේ පාවෙන අයිස් කන්දක් බඳු බව ප්‍රකාශ කෙරුවේ සිග්මන් ප්‍රොයිඩ්ය. හැසිරීම් වලින් පිටට පෙනෙන්නේ තුනෙන් එකය. කොටස් දෙකක්ම ඇත්තේ දිය යටය. අපට දැනට ලියන්නට ඇත්තේ එච්චරය.






දක්ෂිණ ලියනාරච්චි ✍️ 

සියලු ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?
නවතම ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?

කම්කරු අමාත්‍ය  හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ ෆේස් ⁣බුක් පිටුවේ මෙසේ සඳහනක් දකින්නට තිබුණි.  "......ජාතික ජන බලවේගය බලයට පත්වීම  විවිධ බලවේග රාශියක මැදිහත්වීමෙන් වෙහෙස මහන්සිය…

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම
නවතම ප්‍රවෘත්තිPolitical

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම

නඩු ප්‍රමාදය යනු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ දිගුකාලීන ගැටලුවකි. ඒ බව NPP/JVP ය තමන් 2024 දී ජනතාවට ඉදිරිපත් කළ " පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම පිළිගෙන තිබේ. "නීතිය මත…

නීතිඥ සංගමයේ රුදාව සනීප ද?  රජීව් හතරගාතෙන් වැටිලා ද?
නවතම ප්‍රවෘත්තිPolitical

නීතිඥ සංගමයේ රුදාව සනීප ද? රජීව් හතරගාතෙන් වැටිලා ද?

ශ්‍රී ලංකාව තුළ මේ වන විට මහත් ආන්දෝලනයට තුඩු දී ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව, නීතීඥ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය අගෝස්තු 12 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක්…

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය
නවතම ප්‍රවෘත්තිPolitical

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය

"සතුරා බලාපොරොත්තු වන දෙයම ඔවුන්ට දෙන්න. එවිට ඔවුන් එය හඳුනාගෙන තමන්ගේ සැලසුම් ස්ථිර කරගනී. ඉන්පසු ඔවුන් එම බලාපොරොත්තුව අනුව ක්‍රියා කරන තෙක් බලා සිට, ඔවුන් කිසිසේත් අපේක්ෂා නොකරන ප්‍රහාරයක් එල්ල කරන…