මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

කපිල චන්ද්‍රසේනගේ මරණය සිය දිවි නසා ගැනීමක් ද ?..

ලියුවේ Admin
කපිල චන්ද්‍රසේනගේ මරණය සිය දිවි නසා ගැනීමක් ද ?..

ශ්‍රී ලංකා ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ගත්තේ යැයි පැවසෙන චෝදනාවකට, රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇප මත මුදා හරින ලද එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන සිය දිවි නසා ගෙන ඇතැයි පොලීසිය පවසයි.



ඇප මත මුදා හැර සිටි කපිල චන්ද්‍රසේනට අධිකරණය මගින් ප්‍රකාශිත ඇප අවලංගු   කර ඔහු නැවත අත් අඩංගුවට ගන්නා ලෙසට ඊයේ (07)කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කෙරුවේය. ඒ අල්ලස් කොමිසම මෝෂමකින් ⁣මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් කරන ලද ඉල්ලීමක් සළකා බලමිනි.



අලුත්කඩේ අධිකරණය සමීපයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 15000ක් බැගින් වූ මුදල් ගෙවා එම පුද්ගලයන් ඇපයට තබමින් කපිල චන්⁣ද්‍රසේන ඇප කොන්දේසි කඩ කර ඇති බව හා අධිකරණයට අපහාස කර ඇති හෙයින් ඔහුගේ ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර  ගත කරන ලෙස අල්ලස් හෝ දූෂණ කොමිසම එම මෝෂම මගින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ⁣ඉල්ලා සිටින ලදී.                



අධිකරණ නියෝග නිකුත් කර පැය 24 ක් යන්නටත් මත්තෙන්, ශ්‍රී ලංකන් ගුවන්  සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මෙසේ මරණයට පත්වීම පිළිබඳ සමාජයේ විවිධ පාර්ශවයන් තුළ මේ වන විට සැක සංකා මතු වී ඇති නමුත්, මෙය සිය දිවි නසා ගැනීමක් බවට පොලීසිය ප්‍රකාශ කර ඇතැයි ජනමාධ්‍ය මගින් ප්‍රකාශ කොට තිබේ.


එහෙත් යම් මරණයක් සම්බන්ධයෙන්, එය සිය දිවි නසා ගැනීමක් ද? නැද්ද? යන්න පොලීසියට ප්‍රකාශ කළ හැක්කේ ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද මරණ පරීක්ෂණයකින්  අනතුරුව මිස ඊට පෙර නොවේ.

 


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට නිකුත් කළ ඇප අවලංගු කර, ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් ඊයේ  (07) මෙම නියෝගයක් නිකුත් කරනු ලැබුවේ,
අල්ලස් කොමිසම සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ය. 



අලුත්කඩේ අධිකරණය අසළ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුට රුපියල් 15000 බැගින් ගෙවා ඔහුට පැනවූ ඇප තැන්පත් කිරීමට ඉදිරිපත් කරමින් ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කර නඩුව විභාග කර අවසාන වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම මෝසමක් ගොනු කරමින් ඉල්ලා සිටියේය.



සැකකාර කපිල චන්ද්‍රසේනට ඇප අත්සන් කරන ලද පුද්ගලයන් දෙදෙනා මේ වන විටත් පොලිස් අත් අඩංගුවට ගෙන රක්ෂික බන්ධනාගාර කර ති⁣බේ. 



මෙම කුලී ඇපකරුවන් පිළිබඳව සහ ඔවුන්ට මේ කටයුතු පැවරූ " තිස්ස " නමැත්තා පිළිබඳව සැක මතු කරමින්, ඊයේ (07) දිනයේදී අප විසින් පළ කළ "බිමටම සමතලා වූ රාජපක්ෂ කල්ලිය ආණ්ඩුවට කෝචෝක් කරන හැටි...." යන හෙළිදරව්වේදී ඉදිරියේ දී සිදු විය හැකි "මිනිස් බිලි" ගැනීම් පිළිබඳව ද අනතුරු ඇඟවීමක් සිදු කළෙමු. පහත දැක්වෙන්නේ අප ඊයේ සිදු කළ අනතුරු ඇඟවීමට අදාළ කොටසය.



" තම චෞර කල්ලියට  සිර දඬුවම් විඳින්නට සිදුවීම ගැන පවතින සැකය ලේසියෙන් අත් හැර දමන්නට රාජපක්ෂවරුන් සූදානම් නැති බව අපි ආන්ඩුවට සිහිපත් කරමු. මේ සාහසිකයන් අම්මා අප්පා පවා නොසළකන මෙලේච්ඡයන්ය. ඒ නිසාම හෙ⁣ට අනිද්දා වෙන විට ආණ්ඩුවට මේ පාර්ශවයෙන් එල්ල වෙන ප්‍රහාරය "මිනිස් බිලි" ගැනීම දක්වා යා හැකි බවට අපි ආණ්ඩුවට අනතුරු අඟවමු. "

දක්ෂිණ ලියනාරච්චි ✍️

සියලු ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?
නවතම ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?

කම්කරු අමාත්‍ය  හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ ෆේස් ⁣බුක් පිටුවේ මෙසේ සඳහනක් දකින්නට තිබුණි.  "......ජාතික ජන බලවේගය බලයට පත්වීම  විවිධ බලවේග රාශියක මැදිහත්වීමෙන් වෙහෙස මහන්සිය…

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම
නවතම ප්‍රවෘත්තිPolitical

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම

නඩු ප්‍රමාදය යනු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ දිගුකාලීන ගැටලුවකි. ඒ බව NPP/JVP ය තමන් 2024 දී ජනතාවට ඉදිරිපත් කළ " පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම පිළිගෙන තිබේ. "නීතිය මත…

නීතිඥ සංගමයේ රුදාව සනීප ද?  රජීව් හතරගාතෙන් වැටිලා ද?
නවතම ප්‍රවෘත්තිPolitical

නීතිඥ සංගමයේ රුදාව සනීප ද? රජීව් හතරගාතෙන් වැටිලා ද?

ශ්‍රී ලංකාව තුළ මේ වන විට මහත් ආන්දෝලනයට තුඩු දී ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව, නීතීඥ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය අගෝස්තු 12 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක්…

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය
නවතම ප්‍රවෘත්තිPolitical

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය

"සතුරා බලාපොරොත්තු වන දෙයම ඔවුන්ට දෙන්න. එවිට ඔවුන් එය හඳුනාගෙන තමන්ගේ සැලසුම් ස්ථිර කරගනී. ඉන්පසු ඔවුන් එම බලාපොරොත්තුව අනුව ක්‍රියා කරන තෙක් බලා සිට, ඔවුන් කිසිසේත් අපේක්ෂා නොකරන ප්‍රහාරයක් එල්ල කරන…