චරිත් අබේසිංහ ඇප කොන්දේසි සපුරා නිදහස් වෙයි

රුපියල් මිලියන 120 ක අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුවකු වූ
සමගි ජන බලවේගය (SJB) හොරණ ආසනයේ හිටපු සංවිධායක චරිත් අබේසිංහ මහතා අද (30) රක්ෂිතබන්ධනාගාරයෙන් නිදහස් කරන ලදී.
පසුගිය ජූලි 28 වන දින ඇප ලබා දී තිබියදීත්, අවශ්‍ය ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වූ බැවින්, අබේසිංහමහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රැඳී සිටියේය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබූ ඇප කොන්දේසි සපුරාලීමෙන් පසුව චරිත් අබේසිංහ මහතා අද(30) දින රක්ෂිත බන්ධනාගාරයෙන් නිදහස් විය.
මෙම අල්ලස් නඩුවේ අනෙක් චූදිතයන් දෙදෙනා වන්නේ, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්නීතිඥ රඛිත රාජපක්ෂ සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ අරුණ ශ්‍රීවරුෂහැන්නදිගේ ය.
මොවුන් දෙදෙනා පසුගිය 28 වැනිදා, නියමිත ඇප කොන්දේසි සපුරාලීමෙන් පසුව බන්ධනාගාරයෙන් නිදහස් විය.



