මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිArt and Culture

චෛත්‍යයක් ගැබ්ගෙන තිබුණා මිතුර......

ලියුවේ Admin
චෛත්‍යයක් ගැබ්ගෙන තිබුණා මිතුර......

චෛත්‍යයක් ගැබ්ගෙන තිබුණා මිතුර......

පඩික්කමක් පෙරළී වැටෙනා අතර 

පැටික්කියක්   හූමිටි  පෑවා   වැතිර 

වැයික්කියක්  බුදියා   සිටිනා  අතර

චෛත්‍යයක් ගැබ්ගෙන තිබුණා මිතුර


පුපුරු  ගසා  කකියයි  පේසා  වළලූ

නපුරු විපත බුරියෙන් පාතට ළඟලූ

කපුරුහාමිලා  ළඟ  දාඩිය   ගඳලූ

පොකුරු පිටින් බිම වැටිලා ග්‍රහ වළලූ


අකුණු ගසා වාහල්කඩ දෙබෑවුණ

පොකුණු පුරා ගෙඹි නිරුවත දිගාවුණ

දකුණු  අතේ  බැඳි  නූලට   වශීවුණ

උකුණු හිසද දැලි පිහියෙන් කපාගෙන


පූජාසන  මත  ලේ   කරගැට    පිදුව

සම්බාහන සන්තෝසෙක    පිං  වැඩුව 

කෛරාටික  රඟ දුටුවෙද  පිළිහුඩුව

ත්‍රෛලෝකෙට තෝ කියපිය අවනඩුව


නිම්මා  නැති  සංසාරේ  පිං   බරට

සම්මා සම්බුදු  අම්මා   දුන්   කිරට

පෙම්මා වඩනා  ළය ඉරිතලනකොට

බුම්මාගෙන දෙයියොත් නින්දේ හොරට


සඟිස්කුරුත  කුණුහරුපම  උඩ දෑව 

තලස්තෑනි ලෞකික  රති     පලදාව 

කෙළෙස් බුදින කල ගඳ කුටියට යාව 

චෛත්‍යයක්    විඳවාවිද     ගබ්සාව 


හතර පේරුවේ නෑඹුල් මුසාවෙනී

හතර හංදි ඇට තලනා දසාවෙනී

වතුර මාරු කරනා රස කතාවෙනී

හතර වරං දරුවෝ වල් කකා හුනී


මංචාඩියකට ගෙන ලොව්තුරු රසය

රං කිරි  සුවඳක  කෑවේ     දඩමසය 

පිං  කැට  බිඳිලා  ගැලුවේ     ඕජසය

ටිංකිරි  පාටට  ගැලුවේ       තේජසය


හේතු  ඵලද  උඩ  බිම ළඟටම  පැමිණී

පීතු  පාද  යටි  පතුලක   කටු   ඇනුණී

යාතු කර්ම ලෙවකනකොට රස ගිහිණී

ධාතු  වඩින  රඟ බල මැන සැළලිහිණී


සබාතොමෝ  කළු  පාටින් කබා  මසා

අජාසත්ත  යට කලිසම්   අඳින    නිසා

අතේ   තරාදිය   දරමින්     දෑස    වසා 

අනේ ඈත් ඇති අසමින් කොමඩි මුසා


ගින්දර පුළිඟු ඇවිලෙන මහ විනය  තකා 

මන්දිර බලය ළඟ හැංගෙන ලකුණු මකා 

මින්දද පවා සිටියදි ලුණු ඇඹුල්    නොකා 

වින්නඹු  අම්මලා   එති   දත්කූරු    කකා


බොමින පිරිත් පැන් යහමින් නැවත නිවා 

බුදින  කලට  විනය  පිටක  දෙකට  නවා 

සොඳින  දිලෙන  මුදු  සකියනි උදේ හවා

කඳුළු  බිංදුවකි    චූඩා  මැණික      පවා


තලා පෙලා පොඩිකළ මල් පියල්ලකී

උලා කෑව ඉපනැලි   බඩ   දැවිල්ලකී 

විලෝපීය   සුදිලෙන  දත්   වහල්ලකී

පැලෝපීය නාලය කොත් කැරැල්ලකී


බදාගෙනම අඬහැර හඬ හොරණෑවේ

නිදාගෙනම   මහ   යතිවරු    උන්නාවේ

කදා   වළලු   ටික   බිඳිලා    ඇන්නෑවේ

වැදෑමහක්    වැටිලා      මහමෙවුනාවේ


කච්චපුටගෙ රන් තලියට ගොම  වැටුණී

ලැජ්ජ බයට   ඇත්  පවුරම    හිරිවැටුණී

හුජ්ජ  බරට  බහිරව   රූ     වක ගැසුණී

හංස  පූට්ටුව    පාමුල    ලේ         තිබුණී


හපා කෑව පෙකණිය ඇවිලෙන  විටද 

කොටා  බෑව   පීකුදු   දිරවන     විටද

අපායටම   සුළුදිය   පහවන      විටද

වටාපතක සරණක් හෙළුවට මොටද



පද : කුමාර හෙට්ටිආරච්චි ✍️

සියලු ප්‍රවෘත්තිArt and Culture

"ප්‍රියන්ත කොලඹගේ" අධ්‍යක්ෂක භූමිකාවේ ද්විත්ව ප්‍රවේශය...
නවතම ප්‍රවෘත්තිArt and Culture

"ප්‍රියන්ත කොලඹගේ" අධ්‍යක්ෂක භූමිකාවේ ද්විත්ව ප්‍රවේශය...

සිනමාවේ හෝ වේවා, ටෙලි නාට්‍යයේ හෝ වේවා වෙනයම් මාධ්‍යයක හෝ වේවා, අධ්‍යක්ෂකවරයෙකුගේ නිර්මාණාත්මක කර්යභාරය සුවිශේෂයි. අනිත් පැත්තෙන් ඊට අනුරූපීව ගොඩනැගී ඇති වෙළෙඳපොල ජය ගැනීම. නිර්මාණාකරුවා තනිකරම ස්වාධී…

ඛලීල් ජිබ්රාන් ලඟ අසරණ වූ අපි....
නවතම ප්‍රවෘත්තිArt and Culture

ඛලීල් ජිබ්රාන් ලඟ අසරණ වූ අපි....

ඛලීල් ජිබ්රාන් (Khalil Gibran) කියන්නේ මහ පුදුම අදහස් තිබුණ මනුස්සයෙක්. ඔහු ආදරය දැක්කේ, ආදරය සුන්දර වුණත්, ඒක මනුෂ්‍යයා වෙනස් කරන වේදනාවක් ගෙන දෙයක් විදිහට. ඒ වගේම ඔහු වේදනාව දැක්කේ, මනුෂ්‍යයාගේ අභ්‍…

හර්බට් එම්. සෙනෙවිරත්න සම්මාන උළෙලක්...
නවතම ප්‍රවෘත්තිArt and Culture

හර්බට් එම්. සෙනෙවිරත්න සම්මාන උළෙලක්...

සිංහල සිනමාව සහ සංගීතය අද පවතින ප්‍රබල සහ ගෞරවනීය ස්ථානයට ඔසවා තැබීමට මුල් යුගයේ දායක වූ දැවැන්තයන් අතර, හර්බට් එම්. සෙනෙවිරත්න මහතාගේ නාමය සදා නොමැකෙන එකක් බව අපි ගෞරවයෙන් සිහිපත් කරමු. 1940 දශකයේ සි…

"රිවස්ටන්" ජීවිතය කියවන දේශපාලනික කාව්‍යයක්.
නවතම ප්‍රවෘත්තිArt and Culture

"රිවස්ටන්" ජීවිතය කියවන දේශපාලනික කාව්‍යයක්.

රිවස්ටන් මෑත දශකය තුල බිහිවු පරිපූර්ණ සිනමා නිර්මාණයක්. නිර්මාණ පරිපූර්ණවත් සම්පූර්ණවත් වෙන්නේ නැහැ. ඒත් රිවස්ටන් ගැන  මම එහෙම කතා කරන්න කැමතියි.  ජීවිතය සහ ඊට අනුබද්ධ වූ දේශපාලනය. චිත්‍රපටි…