මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

ජනපති අනුර කුමාරගේ ප්‍රංශ සංචාරය අවලංගු කැරේ..

ලියුවේ Admin
ජනපති අනුර කුමාරගේ ප්‍රංශ සංචාරය අවලංගු කැරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතව තිබූ ප්‍රංශ නිල සංචාරය අවලංගු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී. 


එළැඹෙන 16 වැනි දා සිට 19 වැනි දා දක්වා ප්‍රංශ රාජ්‍ය තුළ සිදු කිරීමට නියමිතව තිබූ ප්‍රංශ නිල සංචාරය  අතරතුර, ප්‍රංශයේ  ජාත්‍යන්තර ව්‍යාපාර කවුන්සිලය (MEDEF International) විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික හමුවකට ද ජනාධිපති අනුර කුමාර සහභාගී වීමට  නියමිතව තිබූ බව ප්‍රංශයේ ජාත්‍යන්තර ව්‍යාපාරික කවුන්සිලය මීට පෙර නිවේදනය කර තිබුණි.


මේ අතර එළැඹෙන 18 වැනි දා  තෝරාගත් ඉතා සීමිත පිරිසකට පමණක් ජනාධිපතිවරයා හමුවීමට හැකිවන පරිදි, ප්‍රංශයේ ක්‍රියාත්මක ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික ජන බලවේගයට සම්බන්ධ පිරිසක් විසින් යොදා ගෙන තිබූ ජන හමුව ද අවලංගු කර ඇති බව ප්‍රංශයේ පැරිස් නුවරින් වාර්තා වේ.

සියලු ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?
නවතම ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?

කම්කරු අමාත්‍ය  හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ ෆේස් ⁣බුක් පිටුවේ මෙසේ සඳහනක් දකින්නට තිබුණි.  "......ජාතික ජන බලවේගය බලයට පත්වීම  විවිධ බලවේග රාශියක මැදිහත්වීමෙන් වෙහෙස මහන්සිය…

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම
නවතම ප්‍රවෘත්තිPolitical

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම

නඩු ප්‍රමාදය යනු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ දිගුකාලීන ගැටලුවකි. ඒ බව NPP/JVP ය තමන් 2024 දී ජනතාවට ඉදිරිපත් කළ " පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම පිළිගෙන තිබේ. "නීතිය මත…

නීතිඥ සංගමයේ රුදාව සනීප ද?  රජීව් හතරගාතෙන් වැටිලා ද?
නවතම ප්‍රවෘත්තිPolitical

නීතිඥ සංගමයේ රුදාව සනීප ද? රජීව් හතරගාතෙන් වැටිලා ද?

ශ්‍රී ලංකාව තුළ මේ වන විට මහත් ආන්දෝලනයට තුඩු දී ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව, නීතීඥ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය අගෝස්තු 12 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක්…

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය
නවතම ප්‍රවෘත්තිPolitical

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය

"සතුරා බලාපොරොත්තු වන දෙයම ඔවුන්ට දෙන්න. එවිට ඔවුන් එය හඳුනාගෙන තමන්ගේ සැලසුම් ස්ථිර කරගනී. ඉන්පසු ඔවුන් එම බලාපොරොත්තුව අනුව ක්‍රියා කරන තෙක් බලා සිට, ඔවුන් කිසිසේත් අපේක්ෂා නොකරන ප්‍රහාරයක් එල්ල කරන…