මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිDefense

නව යුද හමුදාපති පත්වෙයි

ලියුවේ Admin
නව යුද හමුදාපති පත්වෙයි

ශ්‍රී ලංකාවේ 26 වන හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් කේ.වී.එන්.පි. ප්‍රේමරත්න පත්වීමට නියමිතය.

ගිංතොට උපත ලද මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අධ්‍යාපනය ලැබූ පාසැල වන්නේ මාතර ශාන්තසර්වේශස් විද්‍යාලයයි. ඔහු එම විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකි.

ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවට කැඩෙට් නිළධාරියෙකු ලෙස බැඳෙන්නේ 1990 වර්ෂයේදීය. 1992 වර්ෂයේදී දෙවනලුතිනන් වරයකු ලෙස අධිකාරියට පත් වූ මේජර් ජනරාල් කේ.වී.එන්.පී.ප්‍රේමරත්න ශ්‍රී ලංකා කාලතුවක්කුරෙජිමෙන්තුවට අනුයුක්ත කෙරිණි.

මේජර් ජනරාල් කේ.වී.එන්.පී.ප්‍රේමරත්න, එම රෙජිමෙන්තුවේ සෙබළුන් අතර ජනප්‍රිය වූයේ "අපේ නිලන්ත සර් " විදියටය. ඔහුගේ හිත හොද කම නිසාමය.

6 වන කාලතුවක්කු රෙජිමෙන්තු වේ බැට්රි අණදෙන නිළධාරී, යුද හමුදා ඇකඩමියේ උපදේශක, 211 බලසේනාවේබල සේනා මේජර්, හමුදා මූලස්ථානයේ සාමාන්‍ය මාණ්ඩලික නිලධාරී (මෙහෙයුම්), යුද හමුදාපතිවරයාගේ හමුදාසහකාර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ ලේකම්, 16 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙනනිලධාරී, ශ්‍රී ලංකා හමුදා ඇකඩමියේ ප්‍රධාන උපදේශක, 551 පාබල බලසේනාවේ අණදෙන නිලධාරී, මාධ්‍ය අධ්‍යක්ෂසහ හමුදා ප්‍රකාශක, 23 වන පාබල සේනාංකයේ අණදෙන නිලධාරී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේමාණ්ඩලික ප්‍රධානී, ආරක්ෂක හමුදා අණදෙන නිලධාරී (නැගෙනහිර) සහ ශ්‍රී ලංකා හමුදාවේ අතිරේක ජෙනරාල් ආදීප්‍රධාන තනතුරු කිහිපයකම රාජකාරි කටයුතු කර ඇති මොහු හමුදා ක්ෂේත්‍රයේ අත් දැකීම් බහුලව ඇතිනිළධාරියෙකි.

බටහිර සහරාවේ ජනමත විචාරණය සඳහා එක්සත් ජාතීන්ගේ මෙහෙයුමේ හමුදා නිරීක්ෂකයෙකු ලෙස සේවය කරඇති මේජර් ජනරාල් නිලන්ත ප්‍රේමරත්න, එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ නාවික පශ්චාත් උපාධි පාසලෙන් ත්‍රස්තවිරෝධී ප්‍රතිපත්ති සහ උපාය මාර්ග පිළිබඳ ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ලබා ගෙන ඇති නිලධාරියෙකි. ඔහු චීනය, පකිස්ථානය සහ ඉන්දියාව යන රටවල හමුදාමය පුහුණු වීම් සිදු කර ඇත.

රණසූර පදක්කම දෙවරක්ද, උත්තම සේවා පදක්කම දෙවරක්හිමි කරගෙන සිටින හමුදා ඡ්‍යෙෂ්ඨයෙක්වන  මේජර් ජනරාල් නිලන්ත ප්‍රේමරත්න "The Impact of Changing External Conditions on Counter Insurgency: The Sri Lankan Experience" නම් ග්‍රන්ථයේ කතුවරයා වේ.

හිටපු හමුදාපති මේජර් ජනරාල් ලසන්ත ගුණවර්ධන යුද හමුදාවට ඉටු කරන ලද විශිෂ්ට මෙහෙවර ඉදිරියට අඛණ්ඩව පවත්වාගෙන යෑම නව යුද  හමුදපතිවරයාගේ කාර්ය භාරය වනු ඇත. එය එසේම සිඳුවනු ඇති බව කිසිමසැකයක් තබා ගත යුතු නැත්තේ මේජර් ජනරාල් නිලන්ත ප්‍රේමරත්න එම වගකීම ඉටු කිරීමෙහිලා හමුදාමය දැනුමෙන්හා  අවබෝධයෙන් සන්නද්ධ විශිෂ්ට හමුදා  නිළධාරියකු වන නිසාය.

හිටපු හමුදාපති ලසන්ත රොද්‍රිගු  වම දකුණ හිතූමතේ තබමින් සිටි හමුදාව නැවත විනයානුකූලව ගොඩ නැගූ බවඅපගේ අදහසයි.

හිටපු හමුදාපති ලසන්ත රොඩ්රිගුට එරෙහිව පසුගිය කාලයේ බොහෝ අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටිපාර්ශවය නව යුද හමුදාපතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක විය හැකි බවට අප හට තොරතුරු ලැබීතිබේ.

මේ දුෂ්ඨ පාර්ශවයන් ගේ යටි බිම් ගත අරමුණු හා අපේක්ෂාවන් වන්නේ සක්‍රීය සේවයේ යෙදී සිටියදී යුද හමුදාවේපෞරෂය ජාවාරම් සඳහා යොදා ගත් ඇතැම් විශ්‍රාමික හමුදා කෙරුම්කාරයන් හට හමුදා බල අධිකාරියදේශපාලනිකව හැසිරවීමට මග පාදා ගැනීම  මිස වෙන අන් යමක් නොවේ.

එහෙත් ජනපති අනුර කුමාර දිසානායක නිවැරිදි හමුදා නායකත්වයට වගකීම බාර දී තිබේ.

“දෙයක් වේ නම් යම් - සුදුස්සාටම ලැබිය යුතු ය..

රියකරු මනාවූ ලැබිය යුතු වූ සේම අස්රිය....."

දක්ෂිණ ලියනාරච්චි ✍️

සියලු ප්‍රවෘත්තිDefense

රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීමේ කඳවුරක්
නවතම ප්‍රවෘත්තිDefense

රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීමේ කඳවුරක්

මියගිය, විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන, යුද්ධ හමුදා සුබසාධක කඳවුර 10 වන අධියර හා වෛද්‍ය සායනය අද දින හම්බන්තොට…

පොලීසියේ මදාවි රාජකාරියට වග කියන්නේ කවුද ?
නවතම ප්‍රවෘත්තිDefense

පොලීසියේ මදාවි රාජකාරියට වග කියන්නේ කවුද ?

පොලීසිය මේ වන විට හැසිරෙන්නේ පිස්සු බල්ලන් විදියටය. දැන් පොලිස් පොඩ්ඩන්ට සිද්ධ වී ඇත්තේ බඩ වියත රැක දෙන  රස්සාව බේරාගැනීම සඳහා ටාගට් කවර්  කීරීමය. පොලීසියේ ඉහල තරු පටි ලොක්කන් ආණ්ඩුවේ නිළමක්…

සිය දිවිනසාගත්තාට මොකද? පොලිස් ගෞරවය සූදානම්..
නවතම ප්‍රවෘත්තිDefense

සිය දිවිනසාගත්තාට මොකද? පොලිස් ගෞරවය සූදානම්..

⁣හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ⁣සිය දිවි නසා ගන්නා ලදැයි මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් පැව⁣සේ. එහෙත් ඔහු ගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් උපහාර ගෞරව සහිතව කිරීමට…

මියගිය ඡේලර් මහත්වරුන්ට ⁣වන්දිය කෝටිය බැගින්
නවතම ප්‍රවෘත්තිDefense

මියගිය ඡේලර් මහත්වරුන්ට ⁣වන්දිය කෝටිය බැගින්

පසුගියදා මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුමේදී රැඳවියන් පහර දීමෙන් මිය ගිය බන්ධනාගාර නිළධාරීන් දස දෙනාට, එක් අයෙකුට රුපියල් කෝටිය බැගින්වන සේ වන්දි මුදල් ලබා දීමට අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යංශය තීරණ…