මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිPolitical

වඳ සැත්කම් නාඩගමට ගැලපෙන දෙවුන්දර කාවාඩි නැටිල්ල..

ලියුවේ Admin
වඳ සැත්කම් නාඩගමට ගැලපෙන දෙවුන්දර කාවාඩි නැටිල්ල..

දකුණු පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ගේ දූෂිත කෙරුවාව ගැන අප අනන්තවත් ලියා තිබේ. එහෙත් ආණ්ඩුවේ කෙරුම්කාරයන් ඒ අනාවරණය කිරීම් තඹ දොයිතුවකට ගණන් ගත්තේ නැත. 


මේ දෙබිඩි පොලිස්කාරයා අමුතුම මාදිලියේ ගේම් කාරයෙක් බව දන්නෝ දනී. මොහු පොලිස් සේවාවට ⁣⁣සම්බන්ධ වූ දිනයේ සිට කළ කී දෑ ගැන මොහු ගේ සමීපතමයන් පවසන තොරතුරු ලියන්නට බැරි තරමේ තක්කඩිකම් වලින් ගහණය. 


පොලිස් කොස්තාපල්වරයකු ලෙස පෑලි⁣යගොඩ පොලිස් ස්ථානයේ සේවය කරද්දී මොහු ඒ පොලීසියේ සලාක බාර නිළධාරියා ලෙස රාජකාරි කෙරුවේය. එහිදී නුවර කොළඹ මාර්ගයේ නයි⁣ට් ඩියුටි සඳහා සිය කැමැත්තෙන් යන මොහු රාත්‍රියේදී බදුල්ල බණ්ඩාරවෙල සිට කොළඹට එන එළවළු ලොරි නවතා ඒවායින් එළවළු ගෝනියක්⁣ දෙකක් සංතෝෂම් වශයෙන් ලබා ගනී.

⁣⁣පෑලියගොඩ පොලීසියේ මෙස් එකේ පරිභෝජනය⁣ට යොදා ගත්තේ මේ එළවළු ය. එළවළු මිලයට ගත් බවට වූ බිල් පත් යොදා ලබා ගන්නා මුදල් ඔහු කිසිම හිරි කිතයක් නැතුව සාක්කුවට දාගත්තේය.


කිත්සිරි ජයලත් සහකාර පොලිස් අධිකාරිවරයකු වන්නේ පෑලියගොඩ පොලීසියේ සිටියදීය. එය අහඹු පත්වීමකි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ හිටපු පොලිස්පතිවරයාට, සිය පුත්‍රයා ඒඇස්පී වරයකු ලෙස පොලීසියට බඳවා ගැනීමේ අවශ්‍යතාව පැවතුණි. ඒ දිනවල ඒඇස්පී වරයකු ලෙස බඳවා ගැනීම සඳහා පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධිධාරියකු වීම අනිවාර්ය සුදුසුකමක් විය. 


එහෙත් පොලිස්පති පුත්‍රයාට මෙරට විශ්ව විද්‍යලයක උපාධියක් නොවීය. පොලිස්පතිවරයා සිය පුත්‍රයා ඉන්දියාවේ පිහිනුම් විද්‍යාලයකට පුහුණුවට යවා ඉන් උපාධි සහතිකයක් ලියවා ගත්⁣තේය. තම පුත්‍රයා ගොඩ දමා ගැනීමට පොලිස්පති වරයා යොදා ගත්තේ ඒ උපාධි සහතිකයයි.


මේ  උපාධි සහතිකයේ නිත්‍යනුකූල බව ගැන ඒ දිනවල රාවය කර්තෘ වික්ටර් අයිවන් පවා ප්‍රශ්ණ කරන ලදී. සිය පුත්‍රයා ගේ අනීතික බඳවා ගැනීම වහන් කර ගැනීම⁣ට ඒ පොලිස්පතිවරයා තවත් තුරුම්පුවක් එළියට දැම්මේය. ඒ උපාධිධාරියෙක් වූ පොලිස් කොස්තාපල් වරයෙකුව ද ඒඇස්පී වරයකු ලෙස බඳවා ගැනීමය. ඒ ලොතරැයිය ඇදුනේ ඒ වන විටත් ⁣උපාධිදාරියෙකු ලෙස සිටි පොලිස් කොස්තාපල් කිත්සිරි ජයලත්ටය. බඩු ගොඩ ගියේ එසේය.


කිත්සිරි ජයලත් ගේ පොලිස් සේවාවේ හොඳම තක්කඩි කෙරුවාව වාර්තා වන්නේ කුරුණෑගල ඡ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාව සිටියදීය. ඒ එවකට පැවති යහපාලන ආණ්ඩුව අමාරුවේ දැමීමටය. එය සැළසුම් සහගත කුමන්ත්‍රණයක අඩිතාලම විය. පාස්කු ප්‍රහාරය සඳහා පදනම සැළසුවේද මේ කිත්සිරි ජයලත් විසින් ඇවිල වූ ඒ ගින්නය. 


කිත්සිරි ජයලත් දිවයින පුවත්පතේ හේමන්ත රන්දුණු යොදා ගනිමින් ගේම ගැසුවේය. ඒ මුසල්මානු වෛද්‍යවරයකු දරු උපත් සඳහා කුරුණෑගල මහ රෝහලට ඇතුළු වන මවුවරුන් වඳ කරන බවට සාවද්‍ය තොරතුරක් සමාජ ගත කරමිනි. මේ ප්‍රවෘත්තිය රට පුරා ගිණි ඇවිලීමක් විය.


මේ ප්‍රවෘත්තියෙන් ජාතීන් අතර දැඩි අවිශ්වාසයක් හා ජාතිවාදීන් අතර භේද කාරී වටපිටාවක් නිර්මාණය වූ අතර, එය යහපාලන ආණ්ඩුවේ බල අධිකාරිය කම්පනය කරවීමට තරමේ හේතුවක්ද වූයේ ය. මේ කම්පන ධාරාව කෙළවර වූයේ පාස්කු ප්‍රහාරයෙනි. 


සැබැවින්ම පාස්කු ප්‍රහාරය සඳහා පලමු ගිණි කූර ගැසුවේ මේ කිත්සිරි ජයලත්ය. එය දේශපාලනික අවශ්‍යතාවක් සඳහා ඔහු ඉතා දැනුවත්ව සිදු කරන ලද කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක මුල් පියවර වන්නේය.


හරි විදියට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මේ වන විට සිටිය යුත්තේ වැලිකඩ හිර ගෙදර ජම්පරය ඇඳගෙනය. නමුත් ජාජබ ආණ්ඩුවේ පතෝල වැටකොළු පාලනය නිසා කිත්සිරි ජයලත් වැනි පට්ට දූෂිත තක්කඩියකු තවමත් යහතින් රාජකාරියේ නිරතව සිටී. එහිදී මේ උන්නැහේට ආරක්ෂාව සළසන්නේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය බව නම් නොලියා සිටින්නටම නොහැකිය.


කිත්සිරි ජයලත් දකුණු පලාතේ ඡ්‍යෙෂ්ඨ ⁣නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් වීමෙන් පසුව දකුණේ නීතියට රාජකාරි කළ පොලිස් ස්ථානාධිපතිවරුන් ගණනාවකට පදනම් විරහිතව ස්ථාන මාරුවීම් දුන්නේය. ඉන් අනතුරුව ඔහු දකුණු පලාතට ⁣අනුයුක්ත කර ගත් බොහෝ පොලිස් ස්ථානාධිපතිවරුන් වයඹ පලාතේ පදිංචි කරුවන් විය. 


මේ බොහෝ දෙනෙකු ඔහුගේ ඥාතීන් හා සමීපතමයන් විය. දේශපාලනිකව මෙම පොලිස් නිළධාරීන් ජොන්ස්ටන් පෙරේරා ගේ සමීපතමයන් බවද දැන ගැන්මට තිබේ.⁣ අප දිගින් දිගටම කිත්සිරි ජයලත් විසින් දකුණු පලාතේ පොලිස් පාතාලයක් නිර්මාණය කරමින් සිටින බව වාර්තා⁣ කෙරුවේ මේ තොරතුරු අපට දැන ගැන්මට ලැබුණ නිසාය. 


මෑතකදී දකුණු පලාතේ පොලිස් වට්ස් ඇප් සමූහයකට මැසේජයක් යැවූ කිත්සිරි ජයලත් උදම් අනමින් ලියා තිබුණේ "ඒ දිනවල දකුණේ තිබුණේ දේශපාලන පාතාලයක් බවටත් දැන් ඇත්තේ පොලිස් පාතාලයක් බවටත්" ය. කෙසේ වෙතත් දකුණේ නිර්මාණය වෙමින් පැවැති පොලිස් පාතාලය ගැන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇහැක් ඇර බැලුවේ නැත. ඒ කිත්සිරි ජයලත් යනු ඔහු⁣ගේ බඩ බැඳගත් අඹ යාළුවා නිසාය. 


මේ යාළු කම ඇත්තේ අද ඊයේ සිට නොවේ. දෙදෙනා පොලිස් කොස්තාපල්වරු ලෙස සේවයේ යෙදී සිටි අවදියේ සිටය. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ⁣ගේ පළමු කසාදයේ දෙවන මනමාළයා වූයේද මේ කිත්සිරි ජයලත්ය. ඒ මනමාළිය වර්තමානයේ අල්ලස් හෝ දූෂණ කොමිෂමෙි නීති නිළධරිණියයි.


මේ වන විට මාධ්‍යවේදියකු හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු විසින් කිත්සිරි ජයලත්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂමට කර ඇති පැමිණිලි සංඛ්‍යාව පහකට ආසන්න ය. මුදල් විශුද්ධිකරණ අංශයට දමා ඇති පැමිණිලි සංඛ්‍යාවද පහක් බව පැවසේ. එහෙත් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට එරෙහිව නඩු පවරන අල්ලස් හෝ දූෂණ කොමිෂම, ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට එරෙහිව තිබෙන පැමිණිලි පිළිබඳව ඇහැක් ඇර බලන්නේ නැත. 


අල්ලස් හෝ දූෂණ කොමිෂමේ මේ පැමිණිලි විභාග නොකිරීම නොසැලකිල්ල මත සිදු වන්නක් නොවේ. මේ සෑම කෙරුවාවක්ම සිද්ධ වන්නේ යම් කුමන්ත්‍රණකාරී සැළසුමකට අනුවය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ගේ භූමිකාව තව දුරටත් තබා ගත යුතුය යන්⁣න ඒ කුමන්ත්‍රණ සැළසුමේ අවශ්‍යතාවකි. ඒ අවශ්‍යතාව පවතින්නේ ජාජබ ආණ්ඩුවට එරෙහි විපක්ෂයටය. 


කිත්සිරි ජයලත්ට එරෙහිව පවතින පැමිණිලි විභාගයට ගත හොත් ඔහුට රාජ්‍ය සේවයේ රැඳී සිටීමට බැරි තරම්ය. එහෙත් ජාජබ ආණ්ඩුව කපෝති කිරීමට නිසි වේලාවට පිටියට දාන තුරුම්පුව ලෙස කිත්සිරි ජයලත් යොදා ගැනීම විපක්ෂයේ සැළසුමය. ජාජබ ආණ්ඩුවේ කෙරුම්කාරයන් සිතා සිටින්නේ කිත්සිරි ජයලත් මාලිමා බණ අසා සොවාන් වී සිටින බවටය. ඒ රාජ්‍ය පාලනයේ නොමේරුම්කම නිසා බව යැයි අපට සිතේ.


පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මේවා ගැන නොදන්නා මොනිටසෝරි බබෙක් ද නොවේ. එසේ නැති නම් ඔහු සිය අඹ යාළුවා විස්වාස කර ගෙන සිටිනවා විය යුතුය.


⁣හිටපු ⁣මේජර් ජනරාල් වරයකු  වූ කිත්සිරි ගුණවර්ධන, කාන්තාවක බිලි දී නිදන් හාරන ලද්දේ යැයි අසත්‍ය චෝදනා නගමින් පොලිස් අත්අඩංගුවට ගෙන දින විසි පහක් බන්ධනාගාර ගත කරන ලද්දේ ද මේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ය. එම විශ්‍රාමික මේජර් ජනරාල්වරයා අත්අඩංගුවට ගත්තා පමණක් නොව ඒ පිළිබඳව අසත්‍ය තොරතුරු ලබා දී ජනපති අනුර දිසානායක සහෝදරයා නොමග යවන්ටද කිත්සිරි ජයලත් කටයුතු කෙරුවේය. 


කෙසේවෙතත් හිටපු මේජර් ජනරාල් කිත්සිරි ඒකනායක තමන් අනීතිකව අත් අඩංගුවට ගත්තේ යැයි කිත්සිරි ජයලත්ට එරෙහිව පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට පැමිණිලි කෙරුවෙිය. ඒ පැමිණිල්ල සිදු කර මේ වන විට අවුරුද්දකට ආසන්නය. එහෙත් කිත්සිරි ජයලත්ට එරෙහිව තිබෙන ඒ පැමිණිල්ල

විභාග කිරීමට පොලිස්පති මේ වන තුරු ක්‍රියා කර නැත. 


කිත්සිරි ජයලත් සිටින්නේ කෙතරම් ආරක්ෂාකාරී රැකවරණයක් යටතේද යන්න ඉන් තහවුරු කර ගත හැකිය. විශ්‍රාමික මේජර් ජනරාල් කිත්සිරි ඒකනායකට එරෙහිව අසත්‍ය චෝදනා කර ඔහුව අත්අඩංගුවට ගන්නේද කිත්සිරි ජයලත් ⁣ගේ හෙංචයියෙකුගේ අවශ්‍යතාවක් සඳහාය. ඒ හෙංචයියාට, විශ්‍රාමික මේජර් ජනරාල් වරයාගේ ඉඩමේ හිමිකාරිත්වය පවරා ගැනීමේ අවශ්‍යතාවක් පැවතුන බව ද හෙළි වී තිබේ.

 

මේ රටේ පොලීසියේ ⁣සිටින්නේ දෙවුන්දර දෙහි බාලා හා කන්ජිපානී ඉම්රාන් ගේ ගඳ සුවද නොදන්නා පොලිස්කාරයන් නොවේ.

දෙහි බාලා ගේ සහ කන්ජිපානී ඉම්රාන් ගේ කුඩු ජාවාරමෙන් ලද මුදල්, පොලිස් ඡ්‍යෙෂ්ඨයන් ගේ ගිනුම් වලට ඇති තරමේ බැර වී ඇති බව දන්නෝ දනිති.


කිත්සිරි ජයලත් ⁣ගේ යටි බිම් ගත කුමන්ත්‍රණයේ සැඟවුණ ජවනිකා වටහා ගැනීමට අප පසුගිය කාලයේ මෙරට දේශපාලන භූමියේ සිද්ධ වූ කෙරුවාවන් ගැන ඉතා සීරුවට අවධානය යොමු කළ යුතුය. 


පසුගිය කාලයේදී මෙරට දේශපාලන භූමිය තුළ සිදුවූ විශේෂම සිද්ධිය ලෙස  කා⁣ගේත් කතා බවට ලක් වූ යේ විපක්ෂයේ සියළු පක්ෂවල එකතුවයි. ඒ අතරේ මහා සංඝ සමුළුවක් පැවැත්වීමට කටයුතු කෙරිණි. නීතිඥ සංඟමයද ආණ්ඩුව⁣ට එරෙහිව අවි අමෝරා ගැණිනි. භූමිය පාස්කු ප්‍රහාරයට පෙර සැකසූ ආකාරයටම පෙල ගැසෙමින් තිබෙන බව දැක ගත හැකි විය.


මේ සියළු සිදුවීම් අස්සේ සමාජ මාධ්‍යවලින් වාර්තා වූයේ දෙවුන්දර දේවාලයේ කාවාඩි නැටීම සම්බන්ධයෙන් පාර්ශවයන් දෙකක් අතර මතුවී තිබෙන ආරවුලක් සම්බන්ධයෙන් දෙහිබාලා හා කන්ජිපානී ඉම්රාන් නම් පාතාල ක්‍රියාකාරිකයන් දෙදෙනා අතර වූ තර්ජනාත්මක දෙබසක් අන්තර්ගත හඬ පට දෙකකි. 


ඒ හඬ පට අසන්නෙකුට ඉන් ග්‍රම්‍ය වන අදහස  සැළකිය හැක්කේ මෙරට බරපතල ජාතිවාදී ගැටුමක් නිර්මාණය වීමේ අවදානමක් පැවතිය හැකි බවය. මෙය හරියටම පාස්කු ප්‍රහාරයට පෙර මෙරට දේශපාලන භූමියේ වෙනසක් සඳහා ජනමනස හැසිරවූ ආකාරයේම හැඩයක් පවතී. දෙහිබාලා ගේ කන්ජිපානී ගේ ආරවුලේ පිටපතද පොලිස් කෙරුම්කාරයන් ගේ බව පාතාලයෙන් අප වෙත තොරතුරු ලැබී තිබේ.


මේ අතරේ පොලිස්පතිවරයා ලිඛිත නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් උපදෙස් දෙන්නේ මෙවර දෙවුන්දර දේවාලයට කාවාඩි නැටුම් එක් කර නොගන්නා බවටය. සැබැවින්ම මෙය සිය අඹ යාළුෑ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කිත්සිරි ජයලත්, පොලිස්පතිවරයාට දුන් "ගිණි ගෙඩියක්" බව සිතා ගත හැකිය. 


පොලිස්පති වරයාගේ මේ නියෝගයත් සමග ජාජබ ආණ්ඩුවේ අමුඩය ගලවා දමන්නට විපක්ෂය පෝලිම් වූයේ ලහි ලහි ලහියේය. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ වගකීම සීරෝ බවට විපක්ෂයෙන් චෝදනා කෙරිණි. මෙය ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් යහපාලන ආණ්ඩු කාලයේදී සිදු කළ වඳ සැත්කම් නාටකය හා සමාන බරපතල තක්කඩි මදාවිකමක් විය. 


මේ සැබෑව ජාජබ ආණ්ඩුවේ කෙරුම්කාරයන් කෙසේ තේරුම් ගනීදැයි අපි නොදනිමු.

එහෙත් අපට එකක් ලියන්නට පුළුවන.

මේ සිද්ධ වෙමින් පවතින දේ පිළිබඳව ජාජබ ආණ්ඩුවේ ප්‍රතිචාරය යහපාලනයේ ඔතෑනී ජනපති මෛත්‍රීපාලගේ අන්ධ භූත කෙරුවාවටත් වඩා පහල මට්ටමේය.

එසේ නැති නම් කිත්සිරි ජයලත් වැන්නකු මේ තරම් කාලයක් ඔඩොක්කුවේ නළවන්නේ නැත. නැළවෙන්නේද නැත. මේ උන්දෑගේ දූෂිත කෙරුවාව ගැන හොයන්නට ඕනෑ නම් දකුණේ පොලිස් පොඩ්ඩන් ගෙන් අහගන්නට පුළුවන.


මේ වන විට දෙවුන්දර දේවාලයේ පෙරහැරට කාවඩි යොදා ගන්නා බවට ජාජබ ආණ්ඩුව නිවේදනය කර තිබේ.එහෙත් පොලිස්පතිවරයා ආණ්ඩුවේ අමුඩය ලිහා දමා අවසන්ය. ආණ්ඩුවේ කෙරුම්කාරයන් හැම ලබුවක් පිළිබඳව තීන්දු තීරණය කරන්නේ අශ්වයා ඉස්තාලයෙන් පැන ගිය පසුවය. ඒ තීන්දු තීරණ වලට එළඹෙන විට ආණ්ඩුවෙි පෞරෂයේ පදාසයක් බිමට වැටී හමාරය.


ආණ්ඩුවේ කෙරුම්කාරයන් ගේ උද්දච්ච උන්මාදය තවදුරටත් පවත්වා ගෙන ගිය හොත් ඉදිරියේදී මීටත් වඩා කෙල වෙන්නට පුළුවන. අප තවමත් ආණ්ඩුව සමගිනි.

කිත්සිරි ජයලත් වැනි තක්කඩි දූෂිත දෙබිඩ්ඩන් ගැන තොරතුරු අප දිගින් දිගටම අනාවරණය කෙරුවේ මෙි ආණ්ඩුව ආරක්ෂා කර ගත යුතුය යන පරම විශ්වාසය නිසාය. 


එහෙත් අපගේ අනාවරණය කිරීම් අධෝ වාතයක් තරම්වත් ගණන් නොගෙන ආණ්ඩුවේ බොහෝ කෙරුම්කාරයන් පට්ට දූෂිතයන් හුරතල් කරමින් සිටින බව ඇස් පනා පිට දකින්නට තිබේ. දැන්වත් ආණ්ඩුව සත්‍යය වටහා ගත යුතු යැයි අපි සිතමු.



චින්තක විදර්ශන ✍️

සියලු ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?
නවතම ප්‍රවෘත්තිPolitical

ජාතික ජන බලවේගය රී සෙට් වෙනවාද නැතිනම් කෙලවා ගන්නවාද ?

කම්කරු අමාත්‍ය  හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ ෆේස් ⁣බුක් පිටුවේ මෙසේ සඳහනක් දකින්නට තිබුණි.  "......ජාතික ජන බලවේගය බලයට පත්වීම  විවිධ බලවේග රාශියක මැදිහත්වීමෙන් වෙහෙස මහන්සිය…

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම
නවතම ප්‍රවෘත්තිPolitical

ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් 'කොකා පෙන්නීම

නඩු ප්‍රමාදය යනු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ දිගුකාලීන ගැටලුවකි. ඒ බව NPP/JVP ය තමන් 2024 දී ජනතාවට ඉදිරිපත් කළ " පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම පිළිගෙන තිබේ. "නීතිය මත…

නීතිඥ සංගමයේ රුදාව සනීප ද?  රජීව් හතරගාතෙන් වැටිලා ද?
නවතම ප්‍රවෘත්තිPolitical

නීතිඥ සංගමයේ රුදාව සනීප ද? රජීව් හතරගාතෙන් වැටිලා ද?

ශ්‍රී ලංකාව තුළ මේ වන විට මහත් ආන්දෝලනයට තුඩු දී ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව, නීතීඥ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පසුගිය අගෝස්තු 12 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක්…

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය
නවතම ප්‍රවෘත්තිPolitical

අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකිය

"සතුරා බලාපොරොත්තු වන දෙයම ඔවුන්ට දෙන්න. එවිට ඔවුන් එය හඳුනාගෙන තමන්ගේ සැලසුම් ස්ථිර කරගනී. ඉන්පසු ඔවුන් එම බලාපොරොත්තුව අනුව ක්‍රියා කරන තෙක් බලා සිට, ඔවුන් කිසිසේත් අපේක්ෂා නොකරන ප්‍රහාරයක් එල්ල කරන…