මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිSocial

වෘත්තීය සමිති නායකයින් ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ 30 වැනිදාට පෙර දිය යුතුයි..

ලියුවේ Admin
වෘත්තීය සමිති නායකයින් ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ 30 වැනිදාට පෙර දිය යුතුයි..

මෙරට ක්‍රියාත්මක වෘත්තීය සමිති 2000 කට අධික ප්‍රමාණයක විධායක නිලධාරීන් සඳහා නව දූෂණ විරෝධී පනත ප්‍රකාරව තම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය මේ මස 30 වැනිදායින් අවසන් වේ.


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුයේ, නියමිත දිනට පෙර මෙම ප්‍රකාශ ලබා නොදෙන නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි.


ජාත්‍යන්තර කම්කරු සංවිධානය අනුව වෘත්තීය සමිතිය යනු සේවකයන්ගේ වැටුප්, සේවා කොන්දේසි, රැකියා සම්බන්ධ අයිතීන් ආරක්ෂා කිරීම හා ඒවා වර්ධනය කිරීම සඳහා පිහිටුවන සංවිධාන වේ. 


අතීතයේ පටන් මෙරට තුළ මෙන්ම ⁣ජාත්‍යන්තරවත් වෘත්තීය සමිති ආරම්භයත් විකාශනයත් සිදු විය. වෘත්තීය සමිතියක සාමාජිකත්වය ලබා ගැනීම වැඩ කරන ජනතාවට පවතින මූලික අයිතිවාසිකමකි. ඒ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද තහවුරු කර තිබේ. වෘත්තීය සමිති ආඥා පනත, කාර්මික ආරවුල් පනත ආදී නීතිමය අණපනත් හරහාද මේ අයිතිය තහවුරු කර ඇත. 


වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමෙන් පසු එය කම්කරු දෙපාර්තමේන්තුවේ අනිවාර්යයෙන්ම ලියා පදිංචි කළ යුතුමය. මෙරට ක්‍රියාත්මක වෘත්තීය සමිති 2000කට අධික ප්‍රමාණයක් මේ වන විට  ක්‍රියාත්මක වේ. නව දූෂණ විරෝධී පනත ප්‍රකාරව වෘත්තීය සමිති නායකයන්ද තම වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දිය යුතුය. මීට පෙර රාජ්‍ය නිළධාරීන් විෂයෙහි පමණක් ක්‍රියාත්මක වූ නව දූෂණ විරෝධී පනත මඟින් වෘත්තීය සමිති නායකයන්ද වත්කම් ප්‍රකාශ කිරීම තුළින් වෘත්තීය සමිති වල පොදු අරමුදල් සහ සාමාජික මුදල් පරිහරණයේ විනිවිද භාවය තහවුරු කෙරේ.


අල්ලස් හෝ දූෂණ කොමිෂමේ ආරංචි මාර්ග අනුව මේ මස 30 වැනිදායින්  පසුව වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතු තැනැත්තන් විසින් එය පැහැර හරින්නේ නම් එම තැනැත්තන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.


අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග පවසන්නේ, මේ මස 30 වැනිදායින් පසුව වත්කම් බැරකම් පැහැර හරින පුද්ගලයන් ලැයිස්තුගත කර ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.
නව නීතිමය ප්‍රතිපාදන අනුව, වත්කම් ප්‍රකාශ නොකිරීම සිරදඬුවම් හෝ දැඩි දඩ මුදල්වලට යටත් විය හැකි වරදකි.


⁣මෙරට වෘත්තීය සමිති ක්ෂේත්‍රය පිළිබඳව විමසන විට ඒවායේ නායකත්වය දරණ බොහෝ නායකයන් දීර්ඝ කාලීනව එම නායකත්වයේ සිටින්නන් බව දැක ගත හැකිය. ඒ අතරේ සිටින ඇතැම් වෘත්තීය සමිති නායකයන් සිය පෞද්ගලික දේශපාලන පක්ෂපාතිත්වය යොදා ගනිමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් බොහෝ වරප්‍රසාද අත් කර ගෙන තිබෙි. මෙවැන්නන් වෘත්තීය සමිති වරප්‍රසාද හරහා මෙරට සුපිරි ධනවතුන් බවටද පත් වී සිටී.


සැබැවින්ම නව දූෂණ පනත මගින් වෘත්තීය සමිති නායකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා ගැනීම කාලීනව ඉතා වැදගත් ක්‍රියාවලියක් බවට පත් වන්නේ මෙරට "යාව ජීව" වෘත්තීය සමිති නායකයන්ගේ පැටිකිරිය හා කෙරුවාව ගැන සිතන විටය.


දක්ෂිණ ලියනාරච්චි ✍️

ප්‍රවර්ගය :Social

සියලු ප්‍රවෘත්තිSocial

ඇති යන්තම් වැඩේ ලේසි නැති බව තේරුම් ගත්තා..
නවතම ප්‍රවෘත්තිSocial

ඇති යන්තම් වැඩේ ලේසි නැති බව තේරුම් ගත්තා..

මාධ්‍යවේදීන් , ජනමාධ්‍ය සංවිධාන සහ සිවිල් සමාජය විසින් නැගූ හඬ සහ එල්ල කළ නීතිමය හා තර්කානුකූලබලපෑම හේතුවෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට එල්ල වීමට ගිය බරපතලතර්ජනය වළක්වා ගැනීමට…

රාජ්‍ය යාන්ත්‍රණයේ ඇණ මුරුච්චි තද කරන්නට ජනපතිවරයාම අවශ්‍යද?
නවතම ප්‍රවෘත්තිSocial

රාජ්‍ය යාන්ත්‍රණයේ ඇණ මුරුච්චි තද කරන්නට ජනපතිවරයාම අවශ්‍යද?

ජනපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සමාජ සේවා අංශය වෙතින් ඉදිරිපත් කරන ලද යෝජනාවකින් පැවසු⁣නේ දෘශ්‍යාබාධිත ළමුන් වෙනුවෙන් වැසිකිලි පද්ධත…

බලපිටියේ ජොරා මරණ කිරි පෝය මඟුල..
නවතම ප්‍රවෘත්තිSocial

බලපිටියේ ජොරා මරණ කිරි පෝය මඟුල..

ඇසල පෝයට පෙර දිනයේ බලපිටිය පැත්තේ පදිංචි කරුවකු විසින් අපි හෙට ජොරා මරණවා යැයි යම් සමීපතමයෙකුට පැවසුවහොත්, ඔහු එහි අදහස නොදන්නා කෙනෙකු නම් අතිශය බියට පත් වන බව නම් නිසැකය. ඇසල පෝය දිනය දකුණු මුහුදු තී…

පත්තරකාරයො මෙහෙමයි....
නවතම ප්‍රවෘත්තිSocial

පත්තරකාරයො මෙහෙමයි....

ජනතාව කුලප්පු කිරීමට හෙවත් පෙළඹවීමට පුවත්පත් කලාව යොදා ගැනීම පිළිබඳව පුවත්පත් ඉතිහාසයේ එක්හාස්‍ය ජනක කතාවක් අසන්නට ලැබේ. ජෝෂප් පුලිට්සර් යනු ඇමරිකානු පුවත්පත් කලාවේදියෙකි.ඔහු සේවය කළ පුවත්පත වූයේ "නිව…