මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිInternational

ට්‍රම්ප් සහභාගී වූ භෝජන සංග්‍රහයක් අසල වෙඩි තැබීමක්.

ලියුවේ Admin
ට්‍රම්ප් සහභාගී වූ භෝජන සංග්‍රහයක් අසල වෙඩි තැබීමක්.

ඇමරිකාවේ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වුණු Washington Hilton හෝටලය අසල ඊයේ (25) රාත්‍රියේ දී වෙඩි තැබීමක් සිදු වී තිබේ.


වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දී අදාළ රාත්‍රී භෝජන සංග්‍රහයට, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ඉහළ පෙළේ නායකයෝ ගණනාවක් සහභාගී වී සිටියහ. 


වෙඩික්කරු විසින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇත්තේ Washington Hilton හෝටලය අසල තිබූ ආරක්ෂක පරීක්ෂණ ප්‍රදේශයට ඇතුල්වීමෙන් අනතුරුවය.


මෙම වෙඩික්කරු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන්, රහස් සේවා නියෝජිතයෙකුට වෙඩි වැදී ඇතත්, ඔහු පැළඳ සිටි වෙඩි නොවදින කබාය හේතුවෙන් ඔහුගේ ජීවිතය බේරී ඇත.


මේ අවස්ථාවේ දී ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වී සිටි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ඉහළ පෙළේ නායකයෝ ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කඩිනමින් ක්‍රියා කොට තිබේ. 


මෙම වෙඩි තැබීම සිදු කළ බවට සැක කළ පුද්ගලයෙකු ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර, වෙඩි තැබීමේ අරමුණ කුමක්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත. 


කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම සිදු කිරීමට හේතුව, එක්සත් ජනපදය තුළ දේශපාලනය සම්බන්ධව මේ වන විට පවතින අසහනයක් හෝ විරෝධයක් ප්‍රකාශ කිරීමක් විය හැකි බව ඇතැම් විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ.

සියලු ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් අගෝස්තු මස අග වන විට එම තනතුරෙන් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (12) දින පැවසීය. 28 හැවිරිදි ලෙවිට් ඉල්ලා අස්වන්නේ, ඇගේ ලස්සන කුඩා දරුවන් සහ පවුලේ අය…

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ
නවතම ප්‍රවෘත්තිInternational

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ

ඉස්ලාම් ධර්මයට සහ මුහම්මද් නබිනායකතුමාට අපහාස වන අයුරින් ෆේස්බුක් සටහනක් තැබූ බවට චෝදනා කරමින් සෞදි අරාබි අධිකරණයක් විසින් ශ්‍රී ලාංකික තරුණයකුට වසර 5ක සිරදඬුවමක් පනවා තිබේ. කල්මුණේ නැට්පිට්ටිමුනෙයි ප…

ප්‍රංශය දැවී යන අර්බුදය:  ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය
නවතම ප්‍රවෘත්තිInternational

ප්‍රංශය දැවී යන අර්බුදය: ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය

අධික උණුසුම් කාලගුණය, දිගුකාලීන වියළි බව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රංශය මේ වන විට මෑත ඉතිහාසයේ එරට මුහුණ දුන් දරුණුතම පාරිසරික අර්බුදයකට මැදිව සිටී.  දකුණු සහ බටහිර ප්‍රංශයේ පැතිර යන මෙම ද…

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි

තරුණ විරෝධතාකරුවන්ට විශාල ජයග්‍රහණයක් ලබා දෙමින් ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබේ. ඉන්දියාවේ නවතම වීදි විරෝධතාවන් අගමැති නරේන්ද්‍ර මෝදිට අභියෝගයක් වී ඇති අතර,  තරුණයින් විසින්&nbsp…