මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිInternational

මැද පෙරදිගින් පලා යන ඇමරිකානුවන්ට ගුවන් ගමන් සංවිධානය කරයි.

ලියුවේ Admin
මැද පෙරදිගින් පලා යන ඇමරිකානුවන්ට ගුවන් ගමන් සංවිධානය කරයි.

ඉරානය සමඟ ගැටුම පුළුල් වන විට මැද පෙරදිගින් පිටව යාමට කැමති ඇමරිකානු පුරවැසියන් සඳහා  ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හමුදා ගුවන් යානා සහ කුලී ගුවන් ගමන් සංවිධානය කරයි.


බොහෝ ගුවන් තොටුපළවල් පහරදීම් වලට ලක්  වීමෙන් පසු මෙහෙයුම් අත්හිටුවා තිබීම නිසා, දින ගණනාවක් තිස්සේ අතරමං ව සිටින ඇමරිකානුවන් දහස් ගණනකට වාණිජ ගුවන් ගමන් වෙන්කරවා ගන්නා ලෙස ට්‍රම්ප් පරිපාලනය දන්නවා තිබේ.


හදිසි අවස්ථාවකදී ක්ෂණික සහාය ඉල්ලා සිටීම සඳහා 1-202-501-4444 හි ක්ෂණික දුරකථන අංකයක් අමතන්නැයි රාජ්‍ය දෙපාර්තමේන්තුව අඟහරුවාදා ඇමරිකානුවන්ට උපදෙස් දුන්නේය. නමුත් එම දුරකථන අංකයට ඇමතුම් ලබා ගත් විට ලැබෙන ස්වයංක්‍රීය පණිවිඩයන් දැනට පවසන්නේ, ඉවත් කිරීමට උත්සාහ කරන අයට එක්සත් ජනපදය උදව් නොකරන බවය.


• "කරුණාකර මේ අවස්ථාවේ සහායක පිටවීම හෝ ඉවත් කිරීම සඳහා එක්සත් ජනපද රජය මත විශ්වාසය නොතබන්න," ස්වයංක්‍රීය මාර්ගය පැවසීය. "දැනට එක්සත් ජනපද ඉවත් කිරීමේ ස්ථාන නොමැත."


• එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු මාධ්‍ය කාර්යාලය අඟහරුවාදා Axios දුරකථනයෙන් කතා කොට මේ පිළිබඳව විමසා සිටියද, ක්ෂණික දුරකථන පණිවිඩය පිළිබඳ ඇසු පැනයට සෘජුවම ප්‍රතිචාර දැක්වූයේ නැත.


• මැදපෙරදිගින් ඉවත් වීමට කැමති ඇමරිකානුවන්ගෙන් ලැබුණු ඇමතුම් 3,000 කට ආසන්න සංඛ්‍යාවකට දෙපාර්තමේන්තුව පිළිතුරු දී ඇති බවත්, දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ ජෝර්දානය යන රටවලින් ගුවන් ගමන් සඳහා පහසුකම් සපයන බවත් එම ප්‍රකාශකයා පැවසීය.


ක්ෂණික ඇමතුම් අංකයෙන් ඔබ්බට, රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇමරිකානුවන්ට ඔවුන්ගේ ළඟම ඇති එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් යාවත්කාලීන කිරීම් සඳහා ලියාපදිංචි වී නවතම තොරතුරු සඳහා සමාජ මාධ්‍යවල ඒජන්සිය අනුගමනය කරන ලෙස දිරිමත් කළේය.


• "බරපතල ආරක්ෂක අවදානම්" හේතුවෙන් මැද පෙරදිග රටවල් 14 ක සහ පලස්තීන ප්‍රදේශ දෙකක ඇමරිකානුවන්ට වහාම පිටව යන ලෙස උපදෙස් දී තිබේ.


• අත්‍යවශ්‍ය නොවන රජයේ සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ජෝර්දානය, බහරේනය, කටාර්, ඉරාකය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටව යන ලෙස ද එම ආයතනය ඉල්ලා සිටියේය.


• කලාපයේ  දිගටම පහරදීම් පවතින බැවින්, කුවේට් සහ සෞදි අරාබියේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පහසුකම් වසා දමන ලදී.


• රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව පිටව යාමට නොහැකි අය එම ස්ථානයේ නවාතැන් ගත යුතුය.


සැලකිය යුතු කරුණ වන්නේ, ඉරාන ප්‍රහාරවලට පෙර මැද පෙරදිග ඇමරිකානුවන් ඉවත් කිරීමේ සැලැස්මක් නොතිබුනේ මන්දැයි අඟහරුවාදා ඇසූ විට, ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ "සියල්ල ඉතා ඉක්මනින් සිදු වූ" බවයි.


ඉරානය, ඊශ්‍රායලයට සහ අනෙකුත් රටවලට පහර දීමට සූදානම් වෙමින් සිටින නිසා එක්සත් ජනපදයට ඉක්මනින් පහර දීමට අවශ්‍ය වූ බව ජනාධිපති ට්‍රම්ප් පැවසීය.


ඉරානය, මැදපෙරදිග කලාපය පුරා සිටින එක්සත් ජනපද මිතුරු රටවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු සඳුදා වන විට කටාර්, ඩුබායි සහ අබුඩාබි හි ගුවන් තොටුපළවල් වසා දමන්නට සිදු විය.


• ඊශ්‍රායලයේ ටෙල් අවිව් සහ බහරේනයේ ගුවන්තොටුපළවල් ද ගුවන් ගමන් අත්හිටුවා ඇත.


• යුනයිටඩ් සහ ඩෙල්ටා ඇතුළු අනෙකුත් ප්‍රධාන එක්සත් ජනපද ගුවන් සේවා, මැද පෙරදිග ගමනාන්ත කිහිපයක් වෙත ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමූ අතර, තවත් විවිධ ජාත්‍යන්තර ගුවන් සමාගම් ද එසේ කළහ.


(මෙය මාර්තු 03 වැනි දා රාත්‍රී 8.00 ට Axios.com ප්‍රවෘත්ති වෙබ් පුවත් පතේ පළ වූ තොරතුරු මත සැකසූ සටහනකි.)


ජගත් බන්ධු ✍️

සියලු ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් අගෝස්තු මස අග වන විට එම තනතුරෙන් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (12) දින පැවසීය. 28 හැවිරිදි ලෙවිට් ඉල්ලා අස්වන්නේ, ඇගේ ලස්සන කුඩා දරුවන් සහ පවුලේ අය…

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ
නවතම ප්‍රවෘත්තිInternational

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ

ඉස්ලාම් ධර්මයට සහ මුහම්මද් නබිනායකතුමාට අපහාස වන අයුරින් ෆේස්බුක් සටහනක් තැබූ බවට චෝදනා කරමින් සෞදි අරාබි අධිකරණයක් විසින් ශ්‍රී ලාංකික තරුණයකුට වසර 5ක සිරදඬුවමක් පනවා තිබේ. කල්මුණේ නැට්පිට්ටිමුනෙයි ප…

ප්‍රංශය දැවී යන අර්බුදය:  ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය
නවතම ප්‍රවෘත්තිInternational

ප්‍රංශය දැවී යන අර්බුදය: ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය

අධික උණුසුම් කාලගුණය, දිගුකාලීන වියළි බව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රංශය මේ වන විට මෑත ඉතිහාසයේ එරට මුහුණ දුන් දරුණුතම පාරිසරික අර්බුදයකට මැදිව සිටී.  දකුණු සහ බටහිර ප්‍රංශයේ පැතිර යන මෙම ද…

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි

තරුණ විරෝධතාකරුවන්ට විශාල ජයග්‍රහණයක් ලබා දෙමින් ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබේ. ඉන්දියාවේ නවතම වීදි විරෝධතාවන් අගමැති නරේන්ද්‍ර මෝදිට අභියෝගයක් වී ඇති අතර,  තරුණයින් විසින්&nbsp…