මියගිය ඡේලර් මහත්වරුන්ට වන්දිය කෝටිය බැගින්

පසුගියදා මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුමේදී රැඳවියන් පහර දීමෙන් මිය ගිය බන්ධනාගාර නිළධාරීන් දස දෙනාට, එක් අයෙකුට රුපියල් කෝටිය බැගින්වන සේ වන්දි මුදල් ලබා දීමට අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
ආණ්ඩුව විවේචනය කරමින් මීට පෙර බොහෝ දෙනා විසින් දිගින් දිගටම චෝදනා කරනු ලැබුවේ, ආණ්ඩුව විසින් ගෙවා ඇති වන්දිය රුපියල් ලක්ෂ පහ බැගින් බව ය.
එසේම බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය නිළධාරීන් ගේ කාලත්‍රයාට හා බාරකරුවන්ට එම නිළධාරීන් ගේ වයස අවුරුදු 55 ක් යන තුරු ඔවුන්ට හිමිව තිබූ මාසික වැටුප් ලබා දීමටත්, ඉන් අනතුරුව විශ්‍රාම වැටුප් ලබා දීමටත් වැඩිදුරටත් නිර්දේශ කර තිබේ.
පසුගිය 17 වනදා අධිකරණ හා බන්ධනාගාර ඇමතිවරයා, අමාත්‍යංශ ප්‍රධානින් හා බන්ධනාගාර පරිපාලනය ජනපතිවරයා සමග සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව මේ තීරණ වලට එළඹුන බව වාර්තා වේ.
බන්ධනාගාර ප්‍රධානීන්ට සිය ආයතනික ප්‍රශ්ණ පිළිබඳව රාජ්‍ය නායකයා හමුවී සාකච්ඡා කිරීමට හිමි වූ ප්‍රථම අවස්ථාව මෙය බවද පැවසේ.



