මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිDefense

සිය දිවිනසාගත්තාට මොකද? පොලිස් ගෞරවය සූදානම්..

ලියුවේ Admin
සිය දිවිනසාගත්තාට මොකද? පොලිස් ගෞරවය සූදානම්..

⁣හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ⁣සිය දිවි නසා ගන්නා ලදැයි මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් පැව⁣සේ.


එහෙත් ඔහු ගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් උපහාර ගෞරව සහිතව කිරීමට මේ වන විට තීරණය කර ඇති බවද දැන ගැනීමට තිබේ.


පොලීසියේ කවර තරාතිරමක හෝ නිළධාරියෙකු සිය දිවි නසා ගත් විට රාජ්‍ය ගෞරවය හෝ පොලිස් ගෞරව අවමංඟල්‍යක් ලබා නොදේ. පොලිස් නිළධාරියකු හෝ විශ්‍රාමිකයකු සිය දිවි නසා ගත් විට අනුගමනය කළ යුතු කාර්ය පරිපාටිය සඳහන් වී ඇත්තේ පොලිස් ආඥා පනත හා පොලිස් දෙපාර්තමේන්තු ස්ථාවර නියෝග වලින් ස්ථාපිත කර ඇති 

සදාචාරාත්මක හා විනය නියෝග තුළය.


රාජ්‍ය ගෞරව හෝ දෙපාර්තමේන්තු ගෞරව සඳහා මහජන බදු මුදල් සහ රාජ්‍ය සම්පත් (පොලිස් තූර්ය වාදක කණ්ඩායම්, ආචාර වෙඩි මුර, නිල ඇඳුම් ආදිය) භාවිත කෙරේ. සියදිවි හානිකර ගැනීම් වැනි සිදුවීම් සඳහා මෙවැනි රාජ්‍ය සම්පත් වෙන් කිරීම පොලිස් විනය සංග්‍රහය සහ චාරිත්‍ර මගින් සපුරා තහනම් කර තිබේ.


හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් ගෙන ඇති මේ  තීරණය පොලිස් දෙපාර්තමේන්තුවේ ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් ⁣ගේ සිට පහල මට්ටමේ පොලිස් කොස්තාපල්වරුන් දක්වා  පිරිස් වල විවේචනාත්මක කතා බහට ලක් වී ඇති බව අනාවරණය වේ. 


සිය දිවි නසා ගන්නා ලද හිටපු පොලිස්පතිවරයා හට පූර්ණ පොලිස් ගෞරවය දැක්වීම සදහා උපදෙස් දී ඇත්තේ මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල බවද සදහන්ය. අමාත්‍යවරයා ඒ සඳහා උපදෙස් ලබා දී තිබේ නම් එය ඉතා අශීලාචාර හා කැත ආදර්ශයක් වන බව නිසැකය. වර්තමාන පොලිස්පතිවරයාට ද ඒ සඳහා දැඩි අවශ්‍යතාවක් පවතින බවද දැන ගැන්මට තිබේ.


මේ කෙරුවාව පූර්වාදර්ශයක් කර ගනිමින් ඉදිරියේදී පොලිස් දෙපාර්තමේන්තුව තුළ එවැනි සිය දිවි නසා ගන්නා සක්‍රීය සේවයේ හෝ විශ්‍රාමික පොලිස් නිළධාරියකු විෂයෙහිද පූර්ණ පොලිස් ගෞරවය ලබා දිය යුතු වන අතර, සිය දිවි නසා ගන්නා ලද නිළධාරියාගේ වැටුප් හා විශ්‍රාම වැටුප්ද ලබා දිය යුතු බවට නෛතික පදනමක් ගොඩ නැගෙන්නට පුළුවන. එය එසේ වන්නා සේම එසේ මියගිය පොලිස් නිළධාරීන්ගේ දරු පවුල් වලටද මියගිය පොලිස් පතිවරයාට දක්වා ඇති දේශපාලනික අනුග්‍රහය තමන්ටද ලැබිය යුතු බවට ඉල්ලීම් කිරීමේ ඉඩ හැකියාවක් නිර්මාණය වේ.


මූලික පොලිස් පරීක්ෂණ වලදී සිය දිවි නසා ගත් බවට හෙළිවී ඇති හිටපු පොලිස්පතිවරයාට පූර්ණ පොලිස් ගෞරව උපහාර දැක්වීම තනිකර දේශපාලනික මැදිහත්වීමක් මත සිදු කරන්නක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. සිය දිවි නසා ගන්නා පොලිස් නිළධාරියෙකුට හෝ විශ්‍රාමිකයෙකුට පොලිස් උපහාර ගෞරව අහිමි වන  බව සඳහන් වන්නේ රාජ්‍ය නීති පද්ධතිය තුළය.


මෙරට පවතින නීතිය ආරක්ෂා කර ගැනීමට දහ අතේ දිවුරා බලයට පත්වූ ජාතික ජන බලවේගය ආණ්ඩුව ⁣මෙරට සම්ප්‍රදායානුකූලවත් අඛණ්ඩවත් පැවත ගෙන ආ නීතිය කිසිම හිරිකිතයක් හා ලැජ්ජාවක් නැතුව උල්ලංඝනය කිරීම අදහාගන්නත් විශ්වාස කරන්ටත් බැරි තරමේය. මේ සිද්ධ වෙමින් යන අශීලාචාර මැදිහත් වීම් සිදු කරන්නේ අසීමිත බලය තුළ නිර්මාණය වූ උද්දච්ච උන්මාදය නිසාදැයි සිතෙන තරමේ අදහසක් මතුවේ.


මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ හා පොලිස්පතිවරයාගේ පෞද්ගලික ඕනෑ එපා කම් මත මේ ආකාරයට පොලීසියේ අභිමානය කෙලසීම ගැන පොලිස් ඡ්‍යෙෂ්ඨයන් සිටින්නේද දැඩි  කම්පනයකිනි. ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා  මේ අනීතික ක්‍රියාව අනුමත කරන්නේද යන්න ගැන අපි නොදනිමු. එහෙත් මේ සිදු කිරීමට සැළසුම් කර ඇත්තේ බරපතල අනීතික ක්‍රියාවකි. සම්ප්‍රදාය බල්ලාට දැමීමකි.ගෞරවණීය පොලිස් ඉතිහාසය⁣ කෙලසාලීමකි.


සී.ඩී.වික්‍රමරත්න මෙරට පොලිස්පතිවරයා ලෙස ක්‍රියා කරන ලදැයි තර්කය මත පිහිටා පොලීසිය විසින්ම ක්‍රියාත්මක කරන ලද  පරිපාලන චක්‍රලේඛ හා නියෝග උල්ලංඝනය කරමින් සිය දිවි නසා ගත් ඔහුගේ අවමංගල්‍ය  කටයුතු සිදු කරන්නේ නම්, එහි පවතින වලංගු භාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණය විය යුත්තේය යන ව්‍යවස්ථාව පැහැර හැරීමක් ලෙස ද නිර්වචනය කළ හැකිය.


ඒ කෙසේ වෙතත් ජාජබ ආණ්ඩුව බලයට ඒමට පෙර මෙරට පුරවැසියන්ට පොරොන්දු වූයේ නීතියේ පරමාධිපත්‍යය පූජනීය ලෙස ආරක්ෂා කරන බවටය. අපට මේ ලියවිලි ලියන්නට සිද්ධ වී ඇත්තේ ඒ පොරොන්දුව පෞද්ගලික අභිලාෂයන් තුළ ඉතා අවලස්සන ආකාරයට කෙලසාලන බව අසන්නට ලැබෙන බැවිනි. දකින්නට තිබෙන හෙයිනි.


දැන් අපට සිද්ධ වී ඇත්තේ වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමිද ඒ අමාරුව, බව පවසා හිත හදා ගන්ටය. එහෙත් නොලියා සිටින්නට බැරි ⁣කාරණයක් තිබේ. එනම්, නීතිය උල්ලංඝනය කරම්න් කටයුතු කිරීම⁣ට මහජන ආරක්ෂක අමාත්‍යවරයාට හා පොලිස් පතිවරයාට රුදාවක් තිබුණාට මේ දෙදෙනා ඒ සඳහා යොදා ගන්නේ මහජන බදු මුදල් හා රාජ්‍ය සම්පත් බවය. සිය අභිමතයට අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අනුමත කර ගත්තාට වැඩෙි ගැස්සුන දවසට හිරේ විලංගුවේ වැටෙන්නට බැරි නැති බව සිහිපත් කර ගත්තා නමි හොදය. 


දක්ෂිණ ලියනාරච්චි ✍️ 

සියලු ප්‍රවෘත්තිDefense

රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීමේ කඳවුරක්
නවතම ප්‍රවෘත්තිDefense

රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීමේ කඳවුරක්

මියගිය, විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන, යුද්ධ හමුදා සුබසාධක කඳවුර 10 වන අධියර හා වෛද්‍ය සායනය අද දින හම්බන්තොට…

නව යුද හමුදාපති පත්වෙයි
නවතම ප්‍රවෘත්තිDefense

නව යුද හමුදාපති පත්වෙයි

ශ්‍රී ලංකාවේ 26 වන හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් කේ . වී . එන් . පි . ප්‍රේමරත්න පත්වීමට නියමිතය . ගිංතොට උපත ලද මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අධ්‍යාපනය ලැබූ පාසැල වන්නේ මාතර ශාන්තසර්වේශස් විද්…

පොලීසියේ මදාවි රාජකාරියට වග කියන්නේ කවුද ?
නවතම ප්‍රවෘත්තිDefense

පොලීසියේ මදාවි රාජකාරියට වග කියන්නේ කවුද ?

පොලීසිය මේ වන විට හැසිරෙන්නේ පිස්සු බල්ලන් විදියටය. දැන් පොලිස් පොඩ්ඩන්ට සිද්ධ වී ඇත්තේ බඩ වියත රැක දෙන  රස්සාව බේරාගැනීම සඳහා ටාගට් කවර්  කීරීමය. පොලීසියේ ඉහල තරු පටි ලොක්කන් ආණ්ඩුවේ නිළමක්…

මියගිය ඡේලර් මහත්වරුන්ට ⁣වන්දිය කෝටිය බැගින්
නවතම ප්‍රවෘත්තිDefense

මියගිය ඡේලර් මහත්වරුන්ට ⁣වන්දිය කෝටිය බැගින්

පසුගියදා මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුමේදී රැඳවියන් පහර දීමෙන් මිය ගිය බන්ධනාගාර නිළධාරීන් දස දෙනාට, එක් අයෙකුට රුපියල් කෝටිය බැගින්වන සේ වන්දි මුදල් ලබා දීමට අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යංශය තීරණ…